M̳o̳r̳t̳a̳l̳ ̳K̳o̳m̳b̳a̳t̳ ̳2̳0̳1̳1̳

4 0 0
                                    

අද අපි ගේන්නේ ලෝකෙ ගොඩක් ජන්ප්‍රිය වෙච්ච Action ගේම් සීරීස් එකක් වෙන Mortal kombat එකේ 2011 ආපු ගේම් එක ගැන.

⭕download link එක ඕන අයට post එක යටම link එක ඇති. 😌.

ඉස්සල්ලම එහෙනන් ගේම් එක ගැන පොඩි විස්තරයක් බලල ඉමු. ගේම් එක develop කරල තියෙන්නෙ NetherRealm කියන studio එකෙන්. මේකෙන්ම තමා injustice game සීරීස් එකත් develop කරන්නෙ. ( ඒකෙ review එක අපේ page එකේ ඇති.) ගේම publish කරන්නෙ warner bros එහෙමත් නැත්තන් WB එකෙන්. Relese වෙන්නෙ 2011 වසරෙදි. මේක action ගනයට තමයි අයිති වෙන්නෙ. මේ Mortal kombat ගේමට ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම හොඳම Fighting ගේම් එකක් විදිහට සම්මානත් ගොඩක් හම්බෙලා තියෙනවා 😯. ඒකෙන්ම තේරෙනවා ඇතිනෙ පට්ට ගේමක් කියලා 😉.

මේ අවුරුද්දෙ ආපු Mortal kombat legends : scorpion revenge කියන animation ෆිල්ම් එක බැලුවද? බැලුවෙ නැත්තන් අනිවාරෙන්ම ඒකත් බලන්ඩ. මොකද mortal kombrt එක ගැන ගොඩක් දේවල් ෆිල්ම් එකෙන් බලල දැන ගන්ඩ පුලුවන්. මං දැනට පොඩි විස්තරයක් කියන්නන්.

🔥 Mortal kombat විශ්වය 🔥

Mortal kombat විශ්වය ගැන ම කියන්ඩ ගියොත් ගේම් එක ගැන කියන්ඩ බැරි වෙනවා . ඒක වෙනම පෝස්ට් එකකින් ගේනනන්. දැන් ගේම් එක ට වැදගත් වෙන තොරතුරු ටිකක් විතරක් කියන්නන්.

මේ විශ්වය හදන්නෙ පෞරාණික දෙවිවරුන් කියන කස්ටියක් . මේ දෙවිවරු රාජදානි 15ක් හදනවා.( මේ රාජදානි මේ පෝස්ට් එකේදි මම දාන් නෑ.)මේවලින් ගොඩක්ම වැදගත් වෙන්නෙ Earthrealm සහ Outworld කියන රාජදානි දෙක තමයි. Earthrealm කියන්නෙ පෘථිවිය ට. Outworld තමයි මේ විශ්වයේ තියෙන විශාලම අදිරාජදානිය. මේක ටිකක් විතර අපායට සමානයි.ඒත් අපාය නෙවෙයි. මේ විශ්වයේ දි අපායට කියන්නෙ netherRealm කියල. මේ outworld එකට අර මං කලින් කිව්ව රාජදානි 15න් ගොඩක් ඒවා අයිති වෙනවා.

ඉතින් මේ පෞරාණික දෙවිවරුන් ට ගහ මරාගෙන යුද්ධ කරල රාජදානි අල්ලල යටත් කර ගන්න එක එච්චර ඇල්ලුව නැති හින්දා මෙයාල පරම්පරාවකින් අලුත් පරම්පරාවක් එනකොටම මාරක සටන් තරඟාවලියක්

එහෙමත් නැත්තන් Mortal kombat එකක් තියන්ඩ පටන් ගන්නවා. මෙන්න මේ මාරක සටන් තරඟය එක දිගට 10 වතාවක් දිනන රාජදානියට අනිත් සියලුම රාජදානි යටත් කර ගන්ඩ පුලුවන් වෙනවා. දැනට මේක නව වතාවක් ම දිනල ඉන්නෙ ශාවෝ කාන් කියන පිටුවහල් කරපු දෙවි කෙනෙක්. ඕක තමා සාරාංසෙ. දැන් එහෙනන් gameplay පැත්තට යමු.

VIDEO GAMINGWhere stories live. Discover now