~Chapter 28 - Final~

557 91 138
                                        

*Ji hye POV*
" අනේ නෑ, මේ අහන්නකෝ"

මන් දැන් එයා කියන්න යන ඕනී බූතයක් අහන්න ලෑස්ති වෙලා ඉන්නේ, මොකද කියන්න බැහැනේ මොන බොරුවක් ගොතනවද කියලා, මට පුලුවන් මෙයා හැරැද්දි මොන නාඩගමක් නටයිද කියන්න.

"හා කියන්නකෝ පැටියෝ~"

මන් නෝන්ඩියටත් එක්කමයි එහෙම කිව්වේ හැබැයි, මට පොඩි සැකයක් තියෙනවා මෙයාල කට්ටියම මොනවහරි මගේ birthday එකට plan කරලා තිබිලා මන් ගිය නිසා ඒක කරගන්න බැරි උනාද කියලා.

"මේකයි, ඇත්තටම මන් ha ri-ssi එක්ක එකතු වෙලා ගොඩක් මහන්සී වෙලා සතියකට විතර කිට්ටු වෙන්න කාලයක් තිස්සේ ඔයාට surprise party එකක් plan කරේ, කුකියටත් හොරෙන් කරේ මොකෝ මේ ගෝතයා කට වරද්ද ගනී කියන බයට. ඒත් එක දවසක් මායි, ha riයි cafe එකක ඉන්නව දැකලා ඕකා මාව මරන්න ගියේ ඒ නිසාම මන් එයාට විස්තරේ කියලා, එකත් එක්කම තමා මේ සේරම decorations කලේ, අපේ ගෙදර තමා party එක ලෑස්ති කරේ. ආ~ ඒ මදිවට ඔයාගේ අම්ම තමා කෑම බීම සම්බන්දයෙන් සේරම ලෑස්ති කරේ."

Jimin ගැම්මේ මට විස්තර කරන් යනවා එදා උන දේ ගැන, මටත් හිතා ගන්න බෑ ඇත්තටම මෙයාලා මට මෙච්චර දෙයක් ready කරාද කියන එක, අනේ පව්, මන් ගිය එකට මෙයාට ගොඩක් දුක හිතෙන්න ඇති.

"අනේ මන් හිතලා කරපූ දෙයක් නෙමෙයි, sorry මට යන්න උනා"

මන් එහෙම කිව්වේ ඇත්තටම, මන් මෙච්චර කල් එයලා මට කිසිම wish එකක් කරේ නෑ කියලා තරහෙන් හිටියා මිසක් එයාලට කොහොම දැනෙන්න ඇත්ද කියලා හිතුවේ නෑ.

"දුක් වෙන්න එපා අලි පිටින් නැට්ට මැරෙන්නේ, ඕවා අමතක කරලා දාන්න, ඔයා කොහොම හරි ආපූ එකම ලොකු දෙයක්නේ"

Jiminගේ ඒ කතාවටනම් මට මාර හිනා. මන් දැනන් හිටියා මේ මනුස්සයාට හොදටම but loose කියලා.

"අලි පිටින් නැට්ට නෙමෙයි බන්, නැට්ට පිටින් අලි මැරෙන්නේ කියන එක තමා හරි එක"

මන් හිනා වෙවි ඒක කිව්වම කොල්ලටත් හිනා. ඒත් එක්කම මෙයා මගේ අතින් අල්ලගත්තේ, මගේ මූන දිහා බලන්, ඒ සැරේ මේ මොනවා කරන්නද මෙයා මේ ලෑස්ති වෙන්නෙ?

"ඒ විතරක් නෙමෙයි මන් මේ party එක ලෑස්ති කරේ, ඔයාට විශේෂ දෙයක් කියන්නත් එක්කමයි, ඒ නිසා කෙන්ති ගන්නේ නැතුව ඉන්න?"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now