අග්නි 2

2.5K 505 148
                                    

අග්නි බලාපොරොත්තු වූ පරිදිම ඔහු අරුණොදයත් සමගින් වෛශව අසපුවෙහි පසුපස දොරටුව අසල විය. ඇහැළ මල් පිරි වෛශව අසපුව අසල ගුරු පාර අසලට වී බලා සිටියේ මුළුතැන්ගෙයි සේවකයෙකු ඇස ගැටෙන තුරුයි.

වෛශව අසපුව සුන්දරත්වය යන වදනින් ඔබ්බට ගිය පරාදීසියක් විය. ඇහැළ මලින් ගැවසීගත් අසපුව වටා පිහිටි පරිසරය සැබවින්ම අසපුවක සිරි මැව්වේ වෙයි. ශිලා පොකුණු හා ධ්‍යාන වැඩීම සදහා වෙන් වූ ගල් ගුහාවලින්ද සමන්විත අසපු ප්‍රදේශය වටව තිබුනේ දිය අගලකිනි. මදනල හා තාලයට වැනෙන ඇහැළ මල් අලංකාර දසුන් සිතුවම් කළේ ය . ඇහැළමල් හැරුනු විට දම්පැහැ බිනර මලින් හා පොකුණුවල වූ ඕලු , නෙළුම් යනාදියෙන්ද වෛශව අසපුව අලංකාර වී තිබුණේ වෙයි . සුවිසල් සදුන් ගස් හා වීර ගස්ද සුවිසල් පවුරට එපිටින් අග්නිගේ දෑසට හසු විය. ඉසුරුපුරය අවට පරිසරය ඔහුට ප්‍රසන්න හැගීම් ගෙනදුනි. විසල් සදුන් ලී ද්වාරය විවර වූයේ ඔහු ඉදිරියේ කාන්තාවක් දර්ශනය කරමිනි.

"යන යන තැන තරුණියන්... සිකුරු උච්ච වෙලාද මන්දා '' අග්නි එලෙස සිතූමුත් කිසිවක් නොපැවසුවේ ය.  ඔහු ක්ෂණිකව තමා ඉදිරියේ සිටි  තරුණිය වෙත සිය දුලබ සිනහව පෑවේ ය. ඇයද සේවිකාවක් මෙන් දිස් වූ නිසාවෙන් ඇයට ආචාර කිරීමේ අවශ්‍යතාවයක් ඔහුට නෙදැණුනි.

'' කව්රුන්ද නුඹ ? '' ඇය විමසුවේ තර්ජනාත්මක හඩකිනි.

'' සේවිකාවන්ගේ ශබ්දය මෙසේනම්.... '' අග්නි සිතින් බැන වැදුනේ මෙකී සේවිකාවගේ ඝන්ටාර නාදය පැරදූ හඩට සිය දෙසවන් බිහිරිව ගියා දැයි සැකයෙනි.

'' ආහ්.. අග්නියි මාගේ නාමය.. නැවත ඇය හා සිනාසුනු අග්නි පැවසුවේ සන්සුන්වයි.

"කව්රුන් වුවත් කම් නොවේ.. ඔබට පිටව යාමට හැකියි '' ඇය  අනුකම්පා විරහිතව පිළිතුරු දුන්නා ය.

'' ආා.. ආා.. මදක් සිටින්න සොදුරිය.. '' අග්නි පැවසුවේ ඇය වසා දැමීමට ගිය ලී ද්වාරය හරස් කර ඇය වෙත බාධා කරමිනි.

'' ශ්.. නුඹේ වදන් ප්‍රවේසමින්.. '' සේවිකාව පැවසුවේ තර්ජනාත්මක අයුරිනි.

'' අහෝ සොදුරිය.. මේ දුගීයාට අනුකම්පා කරනු මැනවි. '' අග්නි නොදැනුවත්වම සිය භාෂා ශෛලිය මාරු වී ඇතිවග ඔහුට වැටහී ගියේය . ඇය කතා කිරීමෙහිදි භාවිත කල භාෂා ශෛලය ඇයගේ කුලයට නොගැළපුන තරම් උසස් වීම ඔහුව තරමක විස්මයට පත් කිරීම එයට හේතු වන්නට ඇත. සාමාන්‍ය වැසයන් අතර භාවිත නොවන වදන් ඔහු කෙලෙසකවත් වෛශව අසපුවේ සේවිකාවක් තුලින් අපේක්ෂා නොකළේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now