අග්නි 5

2K 478 225
                                    

එය හුදෙක් සටන් වළල්ලක් තුල කෙරෙන එක් අසිපත් සටනක් වේයැයි තමා සිතා සිටි සියල්ල සම්පූර්ණයෙන්ම ව්‍යර්ථව යනවග අග්නිට අවබෝධ වූයේ වළල්ද තුලදී මිධුනාථ හා භීෂ දෙදෙනාම චක්‍ර ප්‍රතිඥා වළලු ගලවා පසෙකින් තැබූ අවස්ථාවේ දියි.
මෙකී චක්‍ර ප්‍රතිඥා වළලු ඉහළ ධ්‍යානලාභී මුනිවරුන් විසින් පළදිනු ලබන්නේ සිය චක්‍ර බලයන් , සාමාන්‍ය කටයුතු සදහා භාවිතය වැළැක්වීම සදහායි. ස්වයං ප්‍රතිඥාවක් බදු වු මෙම චක්‍ර ප්‍රතිඥා වළලු ඔවුන් මුනි කුලයට බදවා තබාගන්නා ශිෂ්ට නීතිය ද වෙයි. එකී වළල්ද පැලැද වුවද මිධුනාථ දිවා කාලයේදි තමාට අධිමානසික ප්‍රහාරයක් එල්ල කිරීම අග්නි සිතින් විවේචනය කලේ ය.

ඔවුන් අතර වූ රහසිගත අංගම් හා ගරිල්ලා සටන්ද සටන සදහා උපයෝගි කරගැනීම විවෘත විය .
මිධුනාථ හා භීෂ එකිනෙකාට ආචාර කලේ සටනට එළඹීටම ප්‍රථමයි . මිධුනාථගේ දෑස් අඩ අදුරේ වුවද කෝපයෙන් රතුව ගොසින් ඇතිවග අග්නිට දැකිය හැකි විය. භීෂගේ මුහුණෙහි වුයේ ද එයටද වඩා අදුරු හැගීමකි.

''සටන් කිරීමට ද , මිනී මැරීමටද මොවුන්ගේ අදහස ? ''
අග්නි සිය හිස දෙපසට සෙලෙව්වේ ය . ඔහු සිය හිස කැසුවේ ය. සිය නිකටට අත්ල තබාගත් ඔහු මරාන්තක සටනක් නැරඹීම පිණිස සූදානම් විය. අනෙක් වෛශව සිසුන් භීතියෙන් බලා සිටින සටන අග්නිට තවත් එක් විනෝදාස්වාදයක් විය.

සිසුන් සියලු දෙනාම එකිනෙකාගේ තරගකරුන් සදහා රහසේ ඔට්ටු අල්ලනු ගස මත සිටින අග්නිහට පැහැදිලිව පෙනුණේ වෙයි. ඔහුට ඔට්ටු ඇල්ලීමට කිසිවෙකු නොවූ බැවින් ඔහු තමාගේ අසිපත සමග ඔට්ටුවක් ඇල්ලීමට තීරණය කලේ වෙයි. මිධුනාථ උදෑසන තමාට එල්ල කල ප්‍රහාර නිසාවෙන් අග්නි භීෂ වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අතර , සිය අසිපත මිධුනාථ වෙනුවෙන් ඔට්ටු අල්ලන බවද ඔහුම තීරණය කලේ ය.

සටන සදහා බාහිර අායුධ යොදා නොගැනුණි. බාහිර කැපුම් තුවාල මගින් රාත්‍රී සටන් පිළිබද වෛශව අසපුවෙහි අන් අය දැනගැනීම ඔවුන්ට කෙලෙසකවත් අවැසි නොවූ වග අග්නිට පැවසිය හැකි විය. ප්‍රථම ප්‍රහාරය බලාපොරොත්තු වූ පරිදි මිධුනාථගෙන් විය. ඔහුගේ ප්‍රහාරය අතිශයින් සාර්ථක අන්දමින් මගඇරි භීෂ සටන් වළලෙහි අනෙක් පස පතිත වූයේ සමබර අන්දමිනි. මිධුනාථ වෙත උපහාසාත්මක සිනහාවක් එල්ල කල ඔහු දෙවෙනි ප්‍රහාරය එල්ල කලේ මිධුනාථගේ පය දෙසටයි. ඔහුගේ ප්‍රහාරය සිය පාදයේ වැදෙනවාත් සමගින් මිධුනාථ සිය ප්‍රහාරය භීෂගේ උරමතට එල්ල කර හමාර විය. සියුම් ප්‍රහාරයන් මෙන් පෙනුනද ඒ ප්‍රහාර ද්විත්වයම සියුම් නිලමතට එල්ල කෙරුණු ප්‍රහාරයන් විය. දිරිගන්වමින් සිටි සියල්ලන්ම මීයට පිම්බාක් මෙන් නිහඩවිය . කුඩා පහන් එළිවල ආලෝකයෙන් දෙදෙනාගේම කෝපාන්විත දහදියෙන් නැහැවී ගොස් තිබූ මුහුණු දැකගත හැකිවිය . අග්නි එක අතක සිය අසිපතත් තබාගෙන තවමත් විමසිල්ලෙන් බලා සිටියේ අලස ලීලාවෙනි. ඔහුගේ කෝණයෙන් නම් මෙහි ගත යුතු කිසිවක් නොමැති විය. ‍නමුත් ඔහු මෙවරත් සම්පූර්ණයෙන්ම පාහේ වැරදි විය.

♛ අග්නි ♛Where stories live. Discover now