'' නැගිසිටිනවා.. මම දුටුවා ඔබ නිමේෂයකට පෙර අඥානයෙකු මෙන් සිනාසෙමින් සටන නරඹනවා.. '' මිධුනාථගේ ස්වරය ස්ථිර විය. කෝපාන්විත විය.
නමුදු අග්නිට අනුව ඔහුගේ කෝපයේ මට්ටම් සමග සසදා බැලීමේදි තරමක පහළ මට්ටමක විය . අග්නි සිය එක් ඇසැක් පමණක් විවර කර මිධුනාථ දෙස බැලුවේ ය . කෝපයට අමතරව ඔහුගේ සියදහසක් පමණක් වූ හැගීම් අතර වේදනාවද තැවරී තිබෙනු අග්නිට පෙනුණි . අග්නිට අනුව ඔහුගේ මුහුණ සියලු හැගීම් කැටිකර දක්වන කැඩපතක් විය . ඔහු යමක් පැවසීමට පෙරම මිධුනාථගේ මුහුණින් එය පිළිඹිබු වන්නේ වේ.ඒ අනුව මිධුනාථ කතා කිරීමට වදන් දැන සිටීමත් ප්‍රයෝජනයක් නොමැති කරුණක් විය . ඔහු කෝපගත් විට දෙකොපුල් රතුව ඇහිබැම රළු වෙයි . ධ්‍යාන වඩන විට දෙතොල් රේඛීයව පිහිටයි . කිසිවෙකු හෝ නුරුස්සන විට නාසය පිම්බෙයි. ඔහු දැන් පසුවන අයුරින් වේදනාවෙන් පසුවන විට නළල රැළි ගැසෙයි . මේ සියල්ල අග්නිගේ නිරීක්ෂණයට හසුව තිබුණි .
කෙසේ නමුදු ධීරගේ ප්‍රහාරය කෙරෙහි අනුකම්පාක්ද ඔහුට දැනෙන්නට විය. අංගම් සටන්හි ප්‍රබල නිළ ප්‍රහාරයන් පිටින් පෙනෙනවාට වඩා සැබවින්ම බලගතු වග අග්නි දැන සිටියේ ය . නමුත් ධීරටද අන් විසදුමක් ද නොවී ය .
'' මා නැගිසිටවීමට ඇවැසිද ඔබව ? '' මිධුනාථ ගිගිරුවේ ය .
'' අවැසි වුවත් නොහැකිනේ ඔබට.. '' අග්නි පැවසුවේ මිධුනාථගේ වම් බාහුවට සිය දෑසින් ඉගිකර පෙන්වමිනි. ඇරැත් දැන්ම නැගී සිටිමට අවශ්‍යතාවයක් අග්නි තුල නොවීය. වෙනත් වදනකින් පැවසුවහොත් ඔහුට නැගී සිටිමට වුවද බෙහෙවින් අලස ගතියක් දැනිණ. ඔහුගේ දෑස්ද විඩාවෙන් අඩක් පියවෙමින් තිබුණි.
මිධුනාථගේ නාසය පිම්බෙනු අදුරේ වුවුද අග්නිට හොදින්ම පෙනුණි .
කිසිවක් නොපැවසූ ඔහු අග්නිව එහි තනිකර වෛශව අසපුවෙන් පිටත වනය දෙසට හැරුනේ පහව නොගිය කෝපයෙනි. මිධුනාථ සිය හස්තය වැලමිට අසලින් නවාගෙන සිටියේ පාදය උලුක් වූ කුඩා බලුපැටියෙකු පරිද්දෙනි. ඔහුගේ අසිපත ද අනෙක් අතෙහි දිගු ඇගිලි අතර තරමක අප්‍රාණික ස්වභාවයකින් එල්ලෙමින් තිබුණි .
YOU ARE READING
♛ අග්නි ♛
Historical Fiction[ ⛎1st SRI LANKAN HISTORICAL BL STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්...