03

3.6K 584 275
                                    

ඊලග දවසේ ඉදන් නොයා ඉන්නම් කියලා හිත හදාගෙන හිටියත් තාත්තාට ඒක කියන්න තරම් හැකියාවක් මට තිබුනේ නෑ. අනික් අතට ෂොනාල් අයියා කිව්වානේ. මේක ඕනෙම කෙනෙක්ට පලවෙනි දවසේ කරනවා. ඊට පස්සේ ඉදන් නෑ. අනික මට ෂොනාල් අයියා ලගින් ඉද්දි මොකක්දෝ රැකවරණයක් දැනුනා. මට ඒ හිතුනු දේ තේරෙන්නේ නෑ. ඒත් එදා මාව අයියා බදාගෙන හිටි වෙලාවේ මගේ හිතේ තිබුනු බර බොහෝ දුරකට අඩු වුනා වගේ මට දැනුනා. ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි

එක එක විධි වලින් මම මගේ හිත හදා ගන්න උත්සාහ කලත් මගේ හිතේ තිබුනු බයේ, තැතිගැන්මේ නම් කිසිම අඩුවක් තිබුනේ නෑ.

ඒත් අන්තිමේදී මම තීරණයක් ගත්තා

"ආහ් ඉදුවර... මොකද ඊයේ ආවෙ නැත්තේ? "

" ටිකක් අසනීප වුනා ෂොනාල් අයියා"

"හ්ම්... දැන් හොදද?" අයියා මගේ නලලට අත තියලා බැලුවා.😃 ඇත්තටම අර කාමරේ ඇතුලේ ඉන්න නරුමයාට වඩා එයාගෙ යාලුවා කොච්චර හොදද කියලා මට ඒ වෙලුවේ හිතුනා.

"ම්...දැන් අඩුයි අයියා..."

"ආහ් එහෙනං හොදයි. Storeroom එකේ කොස්ස ඇති. ගිහින් room එක අස් කරලා දාන්න"

"😨😰 please අයියා..."

"අතුගාන්න නෙවේ මනුස්සයෝ කිව්වේ... අස් කරලා දාන්න කියලා"

මොකක්ද මේ අතු ගාන එකෙයි අස් කරන එකෙයි වෙනස... ඒත් ඒවා ගැන මට හිතන්න වුනේ කොස්ස අරං අර මූසල club room දිහාවට ඇවිදන් යන අතරතුරයි.

මම හිමින් ඒ ඇතුලට ඇතුල් වුනා. එහි තිබුනේ කලින් දවසේ මම දැකපු මූසල අද්භූත පෙනුම විතරයි. තීක්ෂන අයියා ඒ ඇතුලේ නෑ කියලා ෂොනාල් අයියා දුන්නු පොරොන්දු ව මත විනා මං නම් ඒ පැත්ත පලාතක පස් නොපාගා ඉන්නයි හිතාගෙන හිටියේ. මම ලොකු කාමරය අස් කරන්න පටන් ගත්තා.ඒත් එක පාරටම...

"ආහ් පොඩි එකා...'

"ත්...තීක්ෂන අ..අයියා..."

"මොකද කරන්නේ? අතුගාන්න ආවද?"

"ඔ..ඔව්..උම්..න්නෑ මම් මේ අස් කරන ගමන්..."

"හ්ම්..."

අදත් එදා වගේම ඔහු මගේ ලගට ආවා... මම කොච්චර බය වුනාද කියනවනම් මගේ පිටිපස්සේ තිබුනු පොඩි අල්මාරියේ මහ හඩක් නගමින් වැදෙනකල්ම මම ඒ පැත්තට විසි වුනා...

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now