අග්නි 14

1.8K 402 161
                                    

සන්තූරය හා සරෝදයෙන් නැගුනු නාදය හා රිද්මනුකූලව එක්වුනු බෙර ශබ්දය ද සිලිලාර ශාලාව තුළ සංගීවත් පරිසරයක් නිර්මාණය කර තිබුණේ විය . නාටිකාංගනාවන් විසින් රග දැක්වුනු විවිධ නර්තනයන්ගෙන් හා ගායනාදියෙන් විචිත්‍රවත්ව තිබූ ප්‍රිය සම්භාෂණ ශාලාව සැබවින්ම ඉහළ කුලවල අයවලුන් සදහා සීමා විය. මිගාර හා රුද්‍ර අතට මුදල් ලබාදුන් අග්නි ඔවුන්ව ද්වාරය තුලට තල්ලු කලේ තමා පිටුපස දොරින් පැමිණෙන වග සනාථ කරමිනි. මිගාර හා රුද්‍ර නොපෙනී යනතුරුම බලා සිටි අග්නි සැබවින්ම පිටුපස ද්වාරය වෙනුවට දකුණු ද්වාරය අසලට ගමන් කලේ චෞර ගමනිනි.

තවමත් සම්පූර්ණයෙන්ම අදුර වැටී නොතිබුන  ද , දැනටද , සිලිලාර ශාලාවෙහි මුනි ශිෂ්‍යන් කිහිප දෙනෙකුම රැස්ව සිටිනු අග්නි දුටුවේ ය . මොනර පිළක් සිය හිසෙහි පැළද සිටි මුනි ශීෂ්‍යයන්  නිසැකවම කාචරගාමයේ මයුර අසපුවෙහි මුනි ශිෂ්‍යයන් යනවග අග්නිට තහවුරු කල හැකි විය . වෛශව අසපුවෙහි මෙන් අන් කිසිදු වර්ණයක් තැවරී නොතිබිණු ඔවුන්ගේ වස්ත්‍ර තනි ස්වේත පැහැ විය . එහි දාර පමණක් තද නිල් පැහැ මුසු වූ හරිත පැහැ විය . කාචරගාමයේ තරමක් උණුසුම් හිරු රශ්මිය නිසාවෙන් , මයුර අසපුවෙහි මුනි ශිෂ්‍යයන්ගේ පැහැය වෛශව මුනි ශිෂ්‍යයන් හා සැසදීමේදි සුළු වශයෙන් අදුරු පැහැයක් ගෙන තිබුණේ ය .

මෙකී මයුර අසපුවෙහි ශිෂ්‍යන්ගේ විශේෂිතම හා විස්මයජනකම හැකියාව වූයේ ''  ගුවන් සටන් '' යනුවෙන් අනෙක් පංච අසපුතුල ද ප්‍රසිද්ධියට පත් සටන් ක්‍රමයයි . නිශ්චිත කාල පරාසයක දී ගුවනේ රැදී සිටිමෙන් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් කුඩා කල සිටම පුහුණු කරන වග සියල්ලෝම දැන සිටි කරුණක් වූයේ වෙයි . ඔවුන් මයුර පක්ෂියාගේ නාමයෙන් හැදින්වීමට මෙකී සටන් ද හේතු වූ වග අග්නි අසා තිබුණේ ය .

කුවල්‍ය හෙවත් පද්ම අසපුවෙහි කිසිදු ශිෂ්‍යයෙක් තවමත් අග්නිගේ ඇස නොගැටුණි . මද වෙලාවකින් ඔහුගේ දෑසෙහි ගැටුනේ ලෝහිත පැහැ දීප්තිමත් බද පටිය සහිත සුදු පැහැ වස්ත්‍රවලින් සැරසී සිටි ගිරි අසපුවෙහි මුනි ශිෂ්‍යයන් කණ්ඩායමයි .  '' ගිරි '' යන නාමයෙන්ම ඔවුන් පර්වතයක් තරම් ශක්තිමත් හා දැඩි බවින් යුතු වූයෙ වෙයි. තමා සිතු පරිදිම ධීර එහි සිටින වග දුටු අග්නිගේ මුවෙහි සියුම් සිනාවක් නැගුනේ සැනෙකිනි.

♛ අග්නි ♛Where stories live. Discover now