05

3.6K 542 312
                                    

Iduwara's POV

එදා සිද්ධියෙන් පස්සේ මම ආයෙම club එකේ වැඩ වලට යන්න පටන් ගත්තා. ඇත්තටම එදා මම තනි වුනු වෙලාවේ... අසරන වුනු වෙලාවේ... මං වෙනුවෙන් හිටියේ ඒ අයියලා දෙන්නා. මම කොහෙත්ම තීක්ෂන අයියා කියන්නේ එහෙම කෙනෙක් කියලා හිතාගෙන හිටියේ නෑ. එදා මට දැනුනෙ මට නැතිවුනු පිය සෙනෙහස ආයෙම මට ලැබුනා වගේ හැගීමක්... ඒත් වෙනස විදිහකට. අවුරුදු දහයකට එකොලහකට පස්සේ කෙනෙක් මාව පලවෙනි වතාවට ආදරෙන් වැලද ගත්තේ. එදා මට දැනුනු දේ මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් මොකක්ම හරි අමුතු... මොකක්ම හරි වෙනස් හැගීමක් මට දැනුනා.

අන්තිමේ ඒ හැගීම් සේරම මට තීක්ෂන අයියව නොදැක මොහොතක්වත් ඉන්න බැරි තරමට මං එයාට ලං වෙන්න මට පාර පෙන්නුවා. දින සති ගෙවුනා. මම හැම දවසකම වගේ... අඩුම සතියකට දවස් තුනක්වත් club room එක 'අතුගාන්න' යෙදුනා. ඒ 'අතුගෑම' මට වේදනාවක් වුනත් ඒක හරි සුන්දර වේදනාවක් වුනා. දවසින් දවස අපේ දෑස් ඉදිරිපිට දූවිලි තට්ටු ගනන් ගොඩ ගැහෙන්න පටන් ගත්තා. ඒත් ඒක 'අස්පස් කරන්න' කවුරුත්ම ආවේ නෑ. මොකද තීක්ෂන අයියා මාව විතරයි ගෙන්නුවේ... අපි වරු ගනං 'අතුගෑවා' මගේ ජීවිතේ අමුතුම ආකාරයකට වෙනස් වෙන්න ගත්තා. වෙනදාට වඩා සතුටක් හැම මොහොතකම මගේ ඇඟ ඇතුලේ ඒමේ අත සක්මන් කලා.

* * * * * * * * * * * *

"ආහ්... පොඩි එකා.... සපත්තු පොලිෂ් වැඩේට බැහැලා වගේ. තව කීයක් තියනවද?"

"තාම තුනයි අයියේ කරේ තව දාහතක් වගේ තියනවා. දැන් පටන් ගත්තේ"

"හ්ම් කරගෙන යන්න. කොහොමත් උබට ගැලපෙන්නෙ මේ වැඩේ තමා. අද දවසම කරත් ඕක ඉවර කරගන්න බැරි වෙයිනේ.... ඒක හොදයි..."

ඒ ස්නෝපි. එයාගෙ ඇත්තම නම නං මම තාම දන්නෙ නෑ. එයාව මම දැකලා තියන්නේ club room එකෙන් එලියට එද්දි ඒ අහල පහල කැරකි කැරකි ඉද්දී විතරයි. ඒත් ඒ එක දවසකවත් මාව හම්බ වුනාම ප්‍රියමනාප කමක් නම් තිබුනෙම නෑ. අදත් මගේ ලගට ඇවිත් මට නෝන්ඩියක්වත්ද දැම්මේ කියලත් මට හිතුනා. මොනවා කිව්වත් seniors ලාට උඩින් යන්න අපිට බෑනෙ. කියන දෙයක් අහං ඉන්න එක විතරයි අපිට කරන්න තියන්නේ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now