අග්නි 17

1.5K 402 92
                                    

අග්නි අනුමාන කල පරිදිම භීෂ පළමු වටයෙන් පහසුවෙන්ම ජයග්‍රහණය කලේ ය . එලෙසම ඔහු අනුමාන කල අනෙක් ජයග්‍රාහකයන් ද එලෙසම විය .  ගිරි අසපුවෙහි ගීම හා කුවල්‍ය අසපුවෙහි කෛශාල ශිෂ්‍යයා සමග ඇතිවූ සටන් හැරුනු කොට අනෙක් සටන් නම් අග්නිගේ අැසින් සාමාන්‍ය විය . නමුත් , අනෙකුත් සටන්වලද සැලකිය යුතු තියුණු ස්ථානයන්ද නොතිබුනාම නොවේ...

මයුර අසපුවෙහි යුගේන්ද්‍ර නම් ශිෂ්‍යයාද පහසුවෙන්ම කුවල්‍ය අසපුවට එරෙහිව ජයග්‍රහණය කලේ ය .

ගිරි අසපුවෙහි ප්‍රධාන මුනි ශිෂ්‍යයා වූ ජඨිල හා මයුර අසපුවෙහි ශිෂ්‍යයා අතර ඇතිවූ සටනද තරමක් තියුණු වූ අතර , මයුර ශිෂ්‍යයා සටනින් පරාජය වූ පසු ද ජඨිල ඔහු වෙත පහර දීම අනෙකුත් මුනි ශිෂ්‍යයන් අප්‍රසාදයට පත් කිරීමට සමත් විය .

දීඝ ශිෂ්‍යයා මිධුනාථගේ ඉණෙහි වූ මර්ම නිල ස්ථානයට එල්ල කල පහර ද එබදු සිත් ඇදගන්නා සුළු පහරක් විය . කෙසේ නමුත් , ඔහුට වඩා සැබවින්ම වේගවත් වු මිධුනාථ ඔහුව බිම පෙරළා දැමුවේ ජයග්‍රහණය ඉක්මනින්ම අත් කරගනිමිනි .

මිධුනාථ සාමාන්‍යයෙන් ඍජු ගමන් විලාසයකට හිමිකම් කී නමුත් ඔහු සටන් වළල්ලෙන් පිටතට පැමිණෙන විට එහි යම් වෙනසක් අග්නිට දැක ගත හැකි විය. තරමක් කරුණාවන්ත හා අහිංසක ස්වභාවයක් හිමි දීඝ ශිෂ්‍යයා ද මිධුනාථ වෙත සිය පසුම්බියෙහි වූ ඖෂධයක් ලබා දෙනු ද අග්නිට නිරීක්ෂණය විය . ඔෟෂධ පසුම්බිය සිය දෑතට ගෙන සිය ප්‍රතිවාදියා වෙත ඉක්මනින්ම සමුදුන් මිධුනාථ සටන් බිමින් පිටතට පැමිණියේ කලබලයෙන් වුවද , දිවීමට හෝ වේගයෙන් පියවර තැබීමට කිසිදු අවශ්‍යතාවයක් ඔහු තුල වූ වගක් අග්නිට නොපෙණුනි.. ඔහු පියවර තැබුවේ වෙනදාට ද වඩා බොහෝ සෙමින් වග අග්නිගේ අදහස විය .

මිධුනාථ නැවත පැමිණීමට පෙරම මිගාර හා රුද්‍ර දෙදෙනාම දිවගොස් ඔහුට සුබ පැතුවේ ප්‍රීතිඝෝෂා කරමිනි. ඒ වනවිට ද අවසන් වටයට සුදුසුකම් ලබා සිටි භීෂගේ මුහුණෙහි  වූයේ තරමක සමච්චල් සහගත බැල්මක් විය . ඔහු අභය විසින් ලබාදුන් ජලය බදුන පානය කරමින් සිටියේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now