අග්නි 19

1.5K 412 125
                                    

වැලි පොළොව මත හතරැස් හැඩයට සීමා ලකුණු කර තිබූ සටන් වළල් ද උත්කෘෂ්ඨ අන්දමෙහි නිමාවකින් යුතු විය . හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයට මිධුනාථ හා ජඨිල දෙදෙනාගෙන් කව්රුන් ජයග්‍රහණය කරාවිදැයි දැනගැනගැනීමට , සියලු දෙනා පසුවූයේ දැඩි කුතුහලයකිනි . ජඨිල තරමටම මිධුනාථ ද පංච අසපුතුල ප්‍රසිද්ධ විය . ඔහු ජයග්‍රහණය කළහොත් නිසැකවම ජයග්‍රහණය අවසන් වටයකින් තොරව වෛශව අසපුව වෙත හිමිවනු ඇත. අසපු අතර කුලල් කා ගන්නා ස්වභාවය අනුව වෛශව අසපුව හැර අන් කිසිවෙකුත් මිධුනාථගේ ජයග්‍රහණය නොපැතූ වග අග්නිට තහවුරු විය හැකි විය.
මිධුනාථගේ ජයග්‍රහණය තබා ජඨිල ඔහු පණ පිටින් ඉතිරි කරාවිදැයි යනවග හෝ අග්නිට සහතික නොවී ය .

ප්‍රධාන මුනිවරුන් හා සුලෝධජ නැතිනම් භාසුර රැදී සිටි , ප්‍රධාන මණ්ඩපය හා අවට , පහන් හා විලක්කු එලියෙන් ආලෝකමත් වී තිබුණේ ය . අභය , පෙර සටනින් ජයග්‍රහණය කල භීෂ වෙත උවැටැන් කරමින් සිටියේ ය. මිධුනාථ සටන නැවත්වුව හොත් ජයග්‍රහණය ජඨිල වෙත හිමිවන නමුත් , ඒ වනවිටත් භීෂ අවසන් වටයට සුදුසුකම් ලබා සිටින බැවින් එය වෛශව අසපුවට පාඩුවක් නොවනු ඇත . නමුත් මිධුනාථ , පවසන කිසිවක් කනකට නොගන්නෙක් විය . අග්නිට අනුව නම් , මිධුනාථගේ පරාජය නැගෙනහිරින් සූර්යයා නැගෙන්නාක් මෙන් ස්ථිර විය .

ජඨිල ද මිධුනාථ පැමිණෙන තුරු සටන් වළල්ල තුල විය . සියලු මුනි ශිෂ්‍යයෝ සටන් වළල්ල වටා රැස්ව සිටියෝ ය . සම්ප්‍රදායට අනුව ප්‍රතිවාදින් දෙදෙනා එකිනෙකාට ආචාර කරගත වුව ද මිධුනාථ හෝ ජඨිල දෙදෙනාගෙන් එක් අයෙකු හෝ එකී ප්‍රතිපත්තියන් නොතැකුවේ ය . මිධුනාථගේ දෑත තදින්ම මිට මෙලවී තිබුණි . ඔහුගේ දෑස් ජඨිල වෙත එල්ල වන වාරයක් වාරයක් පාසාම සුරතෙහි නහරයන් ඉලිප්පී ඉස්මතු වෙන අාකාරය අඩ එළියේ වුවද පැහැදිලි විය .

රැස්ව සිටි මුනි ශිෂ්‍යයෝ සියලු දෙනා ඝෝෂා කරන්නට විය . අග්නි ද සිය කම්මුලෙහි  නිරුපද්‍රිත අත තබාගෙන සටන නැරඹීමට සූදානම් විය . ඔහු අවසන් ප්‍රතිඵලය සක් සුදක් සේ දැනුවත් විය . මිධුනාථ හා ජඨිල ඒ වන විටද දෑස්වලින්ම තියුණු සටනක නිරත වෙමින් සිටියෝ ය .

♛ අග්නි ♛Where stories live. Discover now