"නම්ජූන්" යූන්ගි නම්ජූම් ළගට ආවා.
"ඕ හ්‍යුන්ග්"
"ඔයා ජිමින්ට කතා කලා සැර වැඩී නේද?"
ඒ අතර
"හ්‍යුන්ග් නම්ජූම් හ්‍යුන්ග් කතා කලා සැර වැඩී නේද?" කුකී නම්ජූන් යන ගිය දිහා බලන් කිව්වා.
"මං නම් න්ම්ජූන් කිව්ව දේට එකගයි. කුකි කිව්ව දේටත් එකගයි" ජින් කකුළක් මත කකුළක් දා ගන්න ගමන් කිව්වා.
"හ්‍යුන්ග්ලා ඔක්කොම කිව්වෙ ඇත්ත මට වගකීමකින් වැඩ කරන්න තිබ්බා. අපි හැමෝම ගැන හිතලා. මං එයාගෙන් නම්බර් එක ඉල්ල ගත්තෙ නැත්තම් ඒ කෙල්ලට මං කැමති වෙන්නෙත් නෑනෙ" ජිමින් සේරම දේවල් තමන්ගෙ පිට ප්ටව ගත්තා.
"එහෙම කියන්න එපා ජිමින් ඔය කලා ඔයාට එවෙලෙ හිතුන දේනෙ. සමහරවිට ඔයාට එහෙම හිතුණෙ ඔය දෙන්නා අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති. හරියට" ටේ කතාව ඉවර කරන්න කලින් කුකී මැද්දෙන් පැනලා
"ආත්මීය බැදීමක් වගේ දෙයක්ද?" කිව්වා.
"අන්න හරි" ටේ ඒක ස්ථීර කලා.
"දැන් ඒ ආත්මීය බැදීමෙන් වැඩක් නෑ. මං එයාව අමතක කලා" ජිමිනුත් එහෙම කියලා එතනින් නැගිටලා යන්න ගියා. කාටවත් කිසි දෙයක් හිතා ගන්න බැරුව ජිමින් දිහා බලන් හිටියා.
"පව් ජිමින් හ්‍යුන්ග්" කුකී බිම බලා ගන්න ගමන් කිව්වා.
"ඕක ඉක්මනින් විසදෙයි කුකියෝ" ටේ කුකිගෙ පිට අතගෑවෙ කුකීගෙ හිත හදන ගමන්.
"කොල්ලගෙ හිත හොදටම රිදිලා" ජේහොප් සුසුමක් පිට කරන ගමන් කිව්වා.
"ඒත් මං හිතුවෙ නෑ හ්‍යුන්ග් Hinamiව එච්චර ඉක්මනින් අමතක කරයි කියලා"
"එයා එහෙම කිව්වට ඒක ලේසියෙන් කරන්න බෑ එයාට මං දන්නවනෙ එයා ගැන" ටේ ආපහු කිව්වා.
"ඕ... මත් දන්නවා ඒ ෆීලින් එක ගැන" කුකිත් මූණ ඇඹුල් කරගෙන කිව්වා.
"ආහ්... පොඩි එකත් ලව් එකක පැටලිලානෙ මේ දවස්වල" ජේහොප් ආපහු හිනා වෙන්න පටන් ගත්තා.
"මුන් දෙන්නා නම්, හදන්න බෑ" ජින් කුකීට තරවටු බැල්මක් හෙලුවා. කුකීට හෙමින් හිනාවකුත් ගියා ඒකට නම්.
"හිනා වෙන්න එනවා මෙතන උබට දෙන්නෙ ඔය හා දත් දෙක ගැලවෙන්න" ජින් ආයෙත් කිව්වම කුකී ඉක්මනින් කට අල්ල ගත්තා.
"නම්ජූන් මං හිතන්නෙ ඔයා ජිමින්ට ආයෙ කතා කලොත් හොදයි" යූන්ගි නම්ජූන්ට එයා ජීමින්ට සැර කරපු එක වැරදී කියලා පැහැදිලි කරමින් කිව්වා.
"මට එයාලා ගැන බයයි"
"මං ඒක දන්නවා. මටත් බයයි ඒ පිස්සා මොනා කරයිද කියලා. ඒත් එයා ඒ කෙල්ලට ආදරෙයිනේ. අපි ජිමින්ට ඉඩ දෙමු"
"හ්ම්ම්, හ්‍යුන්ග් කියන දේ හරි. ජිමින් මා එක්ක තරහින්ද දන්නෙ නෑ"
"එයාට ඔයා එක්ක තරහා නොගියොත් තමා පුදුමෙ" යූන්ගි ආයෙත් කටකොනින් හිනා වුණා.
ESTÁS LEYENDO
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
