මිධුනාථ සිය හස්තයෙහි ඖෂධ ගල්වා , වෙළනු අග්නි බලා සිටියේ ය. ඔහු වේදනාව නොදැනෙන පරිදි අග්නිගේ හස්තයෙන් මෘදුව අල්ලාගෙන ප්‍රවේසමින් හස්තය වෙළුවේ ය. මිධුනාථ කොතරම් ඉක්මනින් කෝපගන්නෙක් වුවද , ඔහු ප්‍රතිකාර කිරීමේදි කෙතරම් ඉවසීමෙන් හා මෘදු බවින් යුතුද යනවග අග්නිට විස්මයජනක කරුණක් විය.
' එය අවසන් '' මිධුනාථ පැවසුවේ නැගී සිටිමිනි . අවසානයේ උපකාර කිරීම කෙසේ වෙතත් , අග්නිගේ හස්තයට සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කිරීමට මිධුනාථට සිදුවිය .
අග්නිගේ හස්තය තවමත් වේදනාගෙන දුනි. කෙලෙසකවත් රාත්‍රී කාලයේ දී ඔහුට නිසි පරිදි නින්ද ලගා නොවනු ඇත . අලස කමේ , නිහඩතාවයෙන් රාත්‍රිය තනිව ගත කිරීමද අග්නිට කිසිලෙසකවත් සිදු කල නොහැකි කාර්යයක් විය . ඇසළ අංගනයෙහි අශ්ව ස්තාලයෙහි දී ඔහු අශ්වයන් සමග කතා කල නමුතු , මෙකී අශ්වයන් අග්නිට අනුව '' අග්නිගේ මිනිස් භාෂාව නොදැනුවත් '' අශ්වයන් විය . අග්නි පවසන කිසිදු දෙයකට ඔවුන් ප්‍රතිචාර නොදැක්වූවේ ය .
'' මිධුනාථ... කාෙහිද යන්නේ ? '' අග්නි ඉක්මනින්ම විමසුවේ අශ්ව ස්තාලයෙන් පිටවයාමට සැරසි මිධුනාථගෙනි .
'' ස්නානය කර සැතපීමට.. අන් කුමකටද ? '' මිධුනාථ ද ගිගිරුවේ දොරටුව අසල මදක් නැවතෙමිනි .
'' ආහ්... එය නොවේ කරුණ...... අශ්වයන් නරඹන්නේ නැති ද ? පව්.. බලන්න මේ අශ්වයන්... ඔවුන් සැබවින්ම අලංකාරයි.. මේ...බොහෝ සුරතල්... '' අග්නි පැවසුවේ සිය නිරුපද්‍රිත හස්තයෙන් අසල සිටි දුඹුරු අසු අතගාමිනි.
'' ඍජුව පවසනු.. '' මිධුනාථ දැඩිව පැවසුවේ නැවතත් ස්තාලය දෙස හැරෙමිනි. අග්නි සිය හිස සුපුරුදු පරිදි දෙපසට සැලුවේ ය .
'' ඔබ ස්නානය කිරිමටනේ යන්නේ ? මා උපකාර කරන්නම්... '' අග්නි පැවසුවේ ය . එලෙස පැවසීමෙන් පසු ඔහු මදක් තමා පැවසූ දෙය පිළිබදව සිතුවේ ය . දැන් නිසැකවම මිධුනාථ පුපරා යනු ඇත.. අග්නි සිය දෙසවන්ද සූදානම් කර ගත්තේ ය .
මිධුනාථ දෙවරක් අැසිපිය සලා අනතුරුව අග්නි දෙස බැලුවේ දෑස් සිහින් කරමිනි.
'' අවශ්‍ය නොවේ.. '' මිධුනාථ කෝපයෙන් තොරව එහෙත් රළුව පැවසුවේ ය .
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...