අග්නි 22

1.6K 414 216
                                    

අග්නි තෙත සහිත ඇදුම් සහිතව , ඒවා වේලෙන තුරු , අශ්ව ස්තාලය පසෙක වූ ගිනිමැලය අසලට වී සිටියේ ය . ඔහුගේ සර්වාංගයම තෙමී ගොසින් තිබුණි . මිධුනාථ සිය තෙත සහිත ඇදුම් මාරු කර ගැනීමට කුටිය තුළට ගියා ගියාමය තවමත් නැවත , පැමිණියේ ද නැත .

කෙසේ වුවත් දැනටද අලුයම පහේ හෝරෝව වන බැවින් අඩ හෝරාවකින් පමණ හිරු උදාවනු ඇත . තවමත් අග්නිගේ වස්ත්‍රයන් අඩ තෙත් ගතියකින් යුතු විය . ඔහු කෙලෙසකවත් එය නොතැකුවේ ය . සම්පූර්ණ රාත්‍රියක්ම මණිමාප ජලාශයේ බැස සිට ඇති අග්නිට මධ්‍යම රාත්‍රියේ සිව් හෝරාවක් පමණ ජලයෙහි බැස සිටීම කෙලෙසකවත් අභියෝගයක් නොවුණි .

ඔහු සිය දෑගිලි බිදී ගිය හස්තය දෙස බැලුවේ ය . ඉන් නැගෙන වේදනාව දැන් සිරුරෙහිම කොටසක් මෙන් විය . නමුත් , සති කිහිපයක් ඉක්ම යන තුරුම සිය දකුණු හස්තය භාවිතයෙන් කිසිවක් කිරීමට ඔහුට නොහැකි වනු ඇත. වාසනාවකට අග්නි , සිය වම් හස්තය ද අසිපත සදහා හුර කර සිටි බැවින් ජඨිල නැවත හමුවුවහොත් නිසැකවම ඔහුට යහතින් නම් යාමට නොදෙන වග අග්නි තමාටම පවසා ගත්තේ ය. ගිය වර අස්ථි විසිතුනක් පමණක් බිද දමා ඔහුව ජීවතුන් අතර තැබීම අද දින මෙලෙස වීමට හේතුව විය . මෙවර නම් අග්නි නිසැකවම ඔහුව මරා දමනු ඇත . එසේ නොවුණ හොත් ඒ අග්නි නම් නොවී ය .

අග්නි කුඩා කල සිටම , දැඩි ප්‍රතිපත්ති සහිත විය . කොතරම් සැහැල්ලු ලෙස පිටතට පෙනුණද ඔහුගේ සියලු ක්‍රියාවක් පසුපසම ගුප්ත සැලසුම් හා සංකීර්ණ අරමුණු විය. ගිරි අසපුවේ දී ඔහු අතිශයින් භයානක අයුරින් හැසිරුණේ ය . ජඨිල හා ගිරි අසපුවේ ශිෂ්‍යයන් තවමත් ඔහුට වෙත ගෞර්ව සම්ප්‍රයුක්ත බියක් දැක්වීමට හේතුවද එය විය . අග්නි , සරලව අනුකම්පා විරහිත අයෙකු විය. ඔහුගේ මාර්ගයට එන ඕනෑම අයෙකු ඉවත් කර දැමීමට ඔහු ඕනෑම දෙයක් වුවද කිරීමට ඉඩ ඇත .

අග්නි සිය අසිපත දෙස බැලුවේ ය . සිය මෑණියන් විසින් අවසන් වරට තමා වෙත ලබා දුන් '' දකුණ බලා වම බලන්න '' යනුවෙන් අලංකාර ලෙස කොටා ඇති අසිපත අග්නිගේ කුඩා කල එකම ක්‍රීඩා භාණ්ඩය ද විය . සයනයේදී කෝට්ටය ද විය . ඇතිරිල්ල ද විය . දිනපොත ද විය . අග්නිගේ ශිෂ්‍යයාද විය . හොදම සහයකයා ද විය .

♛ අග්නි ♛Where stories live. Discover now