2.

1.7K 176 11
                                    

අසන් අසන් අසන්
හායි කට්ටිය

නෑ නෑ හායි කියන්න නෙමේ කතාකලේ. වැදගත් දෙයක් කියන්න . චුට්ටයි කියන්න තියෙන්නේ කතාවත් තියනවා.

* මේ තරු ලකුන දලා තියෙන වචන ගැන විස්තරයක් කතාව අවසානයට දානවා.

ඒ කියන්නේ මේ කොටස ලියන කොට  ඕතර්ගේ පිස්සුව උඩුදුවලා නිසා ( ඊයේ පෝයනේ ලමයි) ටිකක් අමුතු වචන දෙක තුනක් දාලා. ඔයාලා ඒවවල තෙරුම් දන්නවා ඇති ඒත් අර එහෙම කලාම පොඩි ගතියක් තියනවා කියලා පිස්සු ඕතරයා කියනවා.

                             අසා සිටි ඔබට කුමාවෝ

කතාව කියවන්න ☺️

එක්වරම පොකුනේ දිය කලබමින් පොකුන තුලින් රුවක් මතුවිය.

ඕ දෙව්ලොවෙන් බට සුරගනක්ද ? නැත මේ ඇයයි. පුහුනුවන පුජකවරිය.

ඕ ඇත්තෙන්ම සුන්දරය. දියමතින් මදක් ඉස්සුනු ඇගේ පයෝදර* නිසා බලාසිටින්නෙකුගේ රාගය වඩවයි. පොකුනු ජලයෙන් තෙත් වූ සුන්දර මුවකමල ද , නලලට වැටුනු කියඹු වැල්* ද, නාදලු මෙන්වු තොල්පෙති ද නිසා ඈ මිනිස් දුවක් යැයි සිතනවාට වඩා දෙව්දුවක් යැයි සිතිම පහසු වේ.

 පොකුනු ජලයෙන් තෙත් වූ සුන්දර මුවකමල ද , නලලට වැටුනු කියඹු වැල්* ද, නාදලු මෙන්වු තොල්පෙති ද නිසා ඈ මිනිස් දුවක් යැයි සිතනවාට වඩා දෙව්දුවක් යැයි සිතිම පහසු වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිත්සේ දියකෙලියේ යෙදුනු සුන්දරිය සෙමෙන් සෙමෙන් පොකුනෙන් මතුපිටට පැමිනුනාය. සද කැන් වැටිමෙන් ඇගේ නිරුවත් සිරුර දිලිසෙන්නට විය. දුහුල් සලුවකින් තම නග්න සිරුර වසාගත් ඈ කෙස් කලඹ පිසිමින් දෙව් මැදුර පිටුපස වූ ඇගේ කුටිය දෙස පියමැන්නාය.

" ආහ්..........කවු........." පිටුපසින් පැමිනි කවුරුන්හෝ තමන්ව වැලද ගත්තේය. ඉන්පසු ඇගෙ මුව ආගන්තුක හස්තයකින්
අවහිර විය.

Wishes ☑️Where stories live. Discover now