අග්නි 26

1.5K 391 249
                                    

'' මිධුනාථ අය්යණ්ඩි  උපත ලබන විට පියාණන් ඔහුගේ මැණියන් වූ කිතා දේවිය විවාහ කරගෙන සිටියේ නැහැලු ... ඉදින් පියාණන් මිධුනාථ අය්යණ්ඩිව නොපිළගත් වග සුග්‍රීව අය්යණ්ඩි පවසනු මා හට ඇසී තිබෙනවා.එබැවින් කිතා දේවිය බිළිදු මිධුනාථ අය්යණ්ඩිවද රැගෙන ඉසුරුපුරයෙන් දුරකට ගියාලු.. නමුත් කෙසේ හෝ මිධුනාථ අය්යණ්ඩි දස හැවිරිදි පමණ , වන විට ඔහුගේ මෑණියන්, කිතා දේවිය නැවතත් පියාණන්ව අහම්බෙන් මුණ ගැසී තිබෙනවා , ඉසුරු පුරයේ දී... එහිදි.... ඉදින්...පියාණන් අතින් අත්වැරදීමකින් කිතා දේවිය නැවතත් පිළිසිද ගත්තේලු ... ඒ මහීධ... ඔබ මහීධව දැක තිබේනේ ? '' මිගාර සිය කතාව නවත්වා අග්නිගෙන් විමසුවේ ය. අග්නි සිය හිස සැලුවේ ය .

'' ඉදින් එවිට පියාණන් තීරණය කලාලු කිතා මෑණියන් විවාහ කරගැනීමට ...  මා එවිට සය හැවිරිදි.. මා හට කිතා දේවියගේ මුහුණ යන්තමින් මතකයේ තිබෙනවා.. ඇය සැබවින්ම කරුණාවන්ත කාන්තාවක්.... ඇය සුන්දරයි.. ඇය සිනාසෙන විට දෙකොපුල් ගැඹුරට වල ගැසුණා...'' මිගාර මද විරාමක් ගත්තේ ය.

'' ඉන්පසු ? '' අග්නි විමසුවේ ය. දහවල භීෂ සහ උරණව කෝපයෙන් පිටව ගියාට පසුව රාත්‍රිය වනතුරුම මිධුනාථ නැවත ලැගුම්හල වෙත නොපැණියේ ය. සියලු දෙනාම විවේක ගැනීම සදහා ලැගුම් හලෙහි කුටිවලම පසුවූයේ ය. සාමාන්‍ය කතා බහ අතර , මිගාර සිය කුඩා විය පිළිබද පැවසූ අවස්ථාවේ , මිධුනාථගේ කුඩා කල කතාවද අග්නි හා පැවසීමට ඔහු එකග වූයේ වෙයි.

'' මහීධ ඒ වන විට , කිතා දේවියගේ කුස තුල වැඩෙමින් සිටියේ... නමුත් , කිතා දේවිය ඒ වන විටත් දුර්වල වූවා.. මිධුනාථ අය්යණ්ඩි ද දස වසරක් තිස්සේ තනිව රැක බලා ගැනීමෙන් හා වීදියක් වීදිය් ඔස්සේ ඇවිදීමෙන් ඇය වෙහෙසට පත්ව දුර්වල වී සිටියේ.... වෙද ඇදුරුතුමන්ගේ  අදහස වූයේ ඇය මහීධට උපත ලබාදුන් හොත්.. ම්ම්.. ඇය... අය.. මිය යනවග... '' මිගාර නැවත් මදක් නිශ්ශබ්ද විය. ඔහු නැවතත් කතා කරන තුරු අග්නි ඉවසීමෙන් බලා සිටියේ ය .

'' නමුත්.. මුනි..කුල.. නීති... මුනි කුල නීතිවලට අනුව පියාණන්ට අවශ්‍ය වූයේ තවත් උරුමයක් මිස කිතා දේවිය නොවේලු.. '' මිගාර පැවසුවේ එය කෙලෙසකවත් අනුමත නොකරන අයුරිනි.. ඔහුගේ මුහුණෙහි පැහැදිලි කණස්සල්ලක් විය.

♛ අග්නි ♛Where stories live. Discover now