අග්නි 28

1.6K 387 278
                                    

කුවල්‍ය අසපුව හා මයුර අසපුව පමණක් නොව වෛශව අසපුවහි සුග්‍රීව සහ ථිත ද සිය ඉදිරිපත් කිරීම් අවසන් කරන තුරු අග්නි ප්‍රධාන පීඨිකාව දෙසින් දෑස් ඉවතට ගත්තේ නැත. ඔහුට සුග්‍රීව වාදනය කල මධුර ස්වර කණ්ඩය ශ්‍රවණය වූයේ හෝ ථිතගේ සටන් නර්තනය ද පෙනුණේ නැත. එය නැරඹීමට  ඔහුට කිසිදු උවමනාවක් ද නොවී ය.

ඔහු හිස එසවූයේ , ගිරි අසපුවෙහි ධීරගේ ඉදිරිපත් කිරීම සදහා පමණක්ම විය. සරෝද හා සන්තූරය එක්ව වැයීමේ ධීරගේ හැකියාවන් අග්නි පෙර සිටම දැන සිටියේ ය. එය අවසන් වූ සැනින් ඔහු සිය පූර්ණ අවධානය භාසු වෙත යොමු කලේ ය. දීඝ අසපුවෙහි ඉදිරිපත් කිරීම් අවසානයට යොදා තිබූ අතර , නිසැකවම වෙනුරාධ මහල්ලා කුමක් හෝ කූඨ සැලසුමක් අටවා ඇති වග අග්නිගේ සිත පැවසී ය .
ඔහුගේ හස්තය බද පටියෙහි වූ සිය අසිපත සමීපයෙහිම විය.

භාසු , සිය වීණාවද රැගෙන පීඨිකාවට ගොඩ විය. අග්නිගේ අවධානය සෑම දෙසකටම උපරිම මට්ටමින් විය .ඔහු සියුම් වෙනස් වීමකට පවා සිය අවධානය යොමු කලේ ය.  නමුත් සියල්ලක්ම පෙරට ද වඩා සන්සුන් විය. භාසුගේ වීණා නාදය හැර අන් කිසිදු ශබ්දයක් එහි නොවුණි. ඔහු මිධුනාථ හා උරණව සිටි බැවින් ඒ දෙස හෝ නොබැලීමට වග බලාගත්තේ ය. නැතහොත් තමා තුල තිබෙන කෝපය නිසාවෙන් සිය අසිපත වැරදීමකින් මිධුනාථගේ  හිස කදින් වෙන් කරනු ඇතිවගද අග්නිගේ සිත අනතුරු ඇගවීය. අග්නිට දැන් මිධුනාථව ඒ තරම්ම නොරිස්සුවේ ය.

මිධුනාථ , පෙරදින රාත්‍රියෙහි රද්කොළ කුලීන කාන්තාවක් හා යහන්ගත වූ වග සිතීමේදි මිධුනාථ දෙස බැලීමත් අග්නිට අප්‍රසන්න විය.

මිධුනාථගේ තත්වය ද ඊට දෙවෙනි නොවී ය. ඔහු ද සිය අසිපත ද දැඩිව අල්ලාගෙන භාසු දෙස විමසීමෙන් බලා සිටි නමුදු අග්නිට කිසිවක්ම නොපැවසුවේ ය.

ක්ෂණිකව සිදුවූ සියුම් වාත කලම්බනය අග්නිට ඇසුණි . සුළගේ චලනයන් හි වෙනස් වීම් හොදින් අධ්‍යනය සදහා ඔහු වසාගෙන සිටි දෑස් ඉක්මනින්ම විවර කලේ එය කුමන ආකාරයේ පහර දීමක් දැයි වටහා ගත නොහැකි බැවිනි . ඔහු දෑස් විවර කරන විටත් , මිධුනාථගේ හස්තය තමාගේ මුහුණ ඉදිරියේ විය. ඔහුගේ දිග ඇගිලි තුඩු අතරේ යමක් සිරව තිබූ අතර , එය කුඩා ලෝහ ඉදිකටුවක් වැනි සියුම් යමක් විය.

♛ අග්නි ♛Where stories live. Discover now