අග්නි 31

1.7K 373 216
                                    

සිය මුහුණට වැටුනු හිරු එළියෙන් සහ , වටපිටාවෙහි වූ පක්ෂී නාදයෙන් හිරු උදාවී ඇති වග අග්නි වටහා ගත්තේ ය. තමාගේ දෑසට ප්‍රථමයෙන්ම හසුවූ ස්වේත පැහැ වස්ත්‍ර දෙස අග්නි දෑස් කුඩා කර බැලුවේ ය. තමා පෙරදින රාත්‍රීයේ සැතපීමට පෙර ඇද සිටියේ හරිත වර්ණය වග අග්නිට හොදින්ම විශ්වාස විය.

'' ආහ්.. මිධුනාථ.. '' අග්නි තමාටම පවසාගත්තේ අපහසුවෙන් හා අලසකමින් දෑස් මදක් විවර කරමිනි. මිධුනාථ පිළිමයක් මෙන් නිසොල්මන් නමුත් ඔහු පසුවූයේ නින්දෙහි නම් නොවී ය . ඔහුගේ දෑස් ද සන්සුන්ව අහස දෙසට එල්ල වී තිබුණි . අග්නිට අනුව මිධුනාථ සැතපුනා නම් විය නොහැකි විය. ඔහු පෙරදින රාත්‍රියේ අග්නි අවසන් වරට දෑස් පියාගන්නා විට සිටි ඉරියව්වෙන්ම විය. ඔහුගේ හිසකෙස් ද මදකුදු අවුල්ව නොතිබූ අතර , අලස පෙනුමක් හෝ මුහුණෙහි තැවරී නොතිබිණ . ‍

'' එවර අවදිවූවා ද ? '' මිධුනාථ අග්නි දෙස වරක් හෝ නොබැලූ නමුත් ඔහුගේ හඩ ගැඹුරු මෙන්ම රළු විය.

'' ඔබ සැතපුනේ නැති ද ?.  '' අග්නි අලසකමින් ම විමසී ය. ඔහු ලොව විශාලතම ඈනුම පිට කිරීමටද උත්සහ කලේ ය.

'' නැහැ '' මිධුනාථගේ පිළිතුර ඍජු, රළු එකක් විය.

අග්නි එවර සිය දෑස් සම්පූර්ණයෙන්ම විවර කර බැලුවේ ය. පෙර දිනවලදී මෙන් අශ්ව ස්තාලයෙහි රළු පොළොව නිසාවෙන් හිසට දැනෙන වේදනාව මෙවර නොදැනීමට හේතුව අග්නිට පැහැදිලි විය. ඔහුගේ හිසට පහළින් මිධුනාථගේ වම් හස්තය වූ අතර අග්නි ද සුවසේ එය මත සිය හිස තබාගෙන සිටියේ ය . තමාගේ හිසින් දැනුණු සනීපය හා සැසදීමේදි මිධුනාථගේ හස්තය සම්පූර්ණයෙන්ම පාහේ හිරිවැටී අඩපණ වී ඇතිවග අග්නිට නිසැකවම පැවසිය හැකි විය. ඔහු ඉවත්වන ලෙස පැවසුවේ නැතිනම් තමා ද ඉවත්වීම අනවශ්‍ය වග අග්නි තමාටම පවසා ගත්තේ ය. කෙසේ නමුත් රළු පොළොවට සහ පිදුරු ගොඩට වඩා මිධුනාථගේ හස්තය සැබවින්ම උණුසුම් හා සුවපහසු විය. අග්නි සන්සුන්ව නැවතත් දෑස් පියාගත්තේ ය.

'' අග්නිඊඊඊඊඊඊඊ '' එවර අග්නිගේ දැහැන බිදී ගියේ මිගාරගේ හඩගෑමෙනි .

අග්නි දෑස් යන්තමින් විවර කර අශ්ව ස්තාලයෙන් එපිට නැවතී මුවත් විවර කරගෙන සිටි මිගාර දෙස බැලුවේ ය. '' මදක් සන්සුන්ව සුවපහසුවේ සැතපීමට අවස්ථාව නැහැනේ..චහ්. වෛශව අසපුවෙහි සියල්ලන්ම එකයි.. පෙරදින මිධුනාථ... දැන් මිගාර.. '' අග්නි නොරිස්සීමෙන් සිතුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now