අග්නි 33

1.6K 401 237
                                    

'' මිධුනාථ අය්යණ්ඩි.. එය නවත්වන්න.. ඔහුට සිහිය පැමිණියා පමණයි..... මෙලෙස කෝපගෙන භීෂ අය්යණ්ඩිට පහර දීමෙන් කිසිවක් සිදු කල නොහැකියි.. අනෙක එය ඔහුගේ වරද නොවේ...'' රුද්‍රගේ ශබ්දය අග්නිගේ දෙසවන් හරහා ගියේ ය. ඔහුට දෑස් විවර කිරීමට අපහසු විය .

'' භීෂ ඔබ සුවෙන් ද ? '' අභයගේ හඩ ද කැඩි කැඩි අග්නිට ඇසෙන්නට විය. ඔහුගේ දෑස් විවර කිරීමට උත්සහ කලද සියල්ල ඇපැහැදිලි විය.

'' අග්නිඊඊ... '' ඔහුගේ දෙසවන් අසලින්ම මිගාරගේ ශබ්දයට ඇසුණු අතර , තමා දෙනෙත් විවර කිරීමේදි මිගාරගේ මුහුණ මදින් මද පැහැදිලි වීමට විය.

'' ජලය.. '' අග්නි අපහසුවෙන් කෙදිරුවේ ය. ඔහු නැවතත් දෑස් වසාගත්තේ ය . ඔහු සිය චක්‍ර අවධි කිරීමට උත්සහ දැරුවේ ය. මිගාර විසින් ඔහුට ජලය පොවනු ද අග්නිට දැනුණි .

'' අග්නි.. චක්‍ර අවධි කරන්න උත්සහ නොකරන්න.. '' භීෂ ද දුර්වල හඩින් පවසනු අග්නිට ඇසුණි .

'' තමුන් කටවහනවා.. '' මිධුනාථ ගිගිරුවේ ය.

'' කුමක් ද සිදු වුනේ ? '' අග්නි එවර දෑස් විවිර කරමින් විමසුවේ භීෂ දෙස බලමිනි.

භීෂ නිහඩවම ඔහුගේ හස්තය ඔසවා පෙන්වුවේ ය. භීෂගේ හස්තයෙහි මැණික් කටුව එකක් තුළ එකක් පිහිටන සේ ජ්‍යාමිතික වෘත්ත සතක සලකුණක් විය. අග්නි අපහසුවෙන් නැගී සිටියේ ය. ඔහු සිය හස්තය දෙස බැලීමට උත්සහ කල ද මිධුනාථ ඔහුගේ අතින් දැඩිව අල්ලා ගත්තේ එයට ඉඩ නොදෙමිනි. මිධුනාථගේ හස්තය දුර්වල ලෙස ගසා දැමූ අග්නි සිය වම් හස්තයෙහි මැණික් කටුව දෙස බැලුවේ ය.

භීෂගේ මෙන්ම ඔහුගේ ද හස්තයෙහි එකී වෘත්ත සතෙහි සලකුණ විය.

'' එහි අදහස සප්ත චක්‍රයන් නොවේ ද ? '' අග්නි විමසුවේ පිළිතුරක් අපේක්ෂාවෙනි . ඔහු හැර මෙහි සිටින සියල්ලෝම විශ්ව ශක්තිය හා ධ්‍යාන ශක්තිය පිළිබද නිපුනයෝ වූහ.

මිගාර හිස සැලුවේ ය. භීෂ ද හිස සැලුවේ ය. නමුත් මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය.

'' කුමක්ද එහි සිදු වූයේ ? '' රුද්‍ර විමසුවේ භීෂගෙනි .

'' වැටහෙන්නේ නැහැ.. '' භීෂ පිළිතුරු දුන්නේ ය . ඔහු මිධුනාථ දෙස බැලුවේ ය . මිධුනාථ මෙවර භීෂ දෙස බලා හිස සලනු අග්නි දුටුවේ ය. මිධුනාථ හිස සලනු දුටු භීෂ නිහඩ විය . ඔහුගේ මුහුණ භයානක ලෙස සුදුමැලි විය. ඔහු අග්නි දෙස බැල්මක් හෙලා නැවතත් සිය හස්තයෙහි ඇති සලකුණ දෙස ද බැලුවේ ය . නිසැකවම මිධුනාථ හා භීෂ හැරුනු විට තමා හා අන් වෛශව අසපු ශිෂ්‍යයන් නොදැනුවත් කුමක් හෝ මෙහි තිබිය යුතු වග අග්නිට වැටහී යන්නට විය.
නමුත් ඔහු කිසිවක් නොවිමසුවේ ය. ඔහු නැවතත් දෑස් වසාගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now