4.

1K 133 4
                                    

උතුරේ සිට සුළං රැලි පියඹාවිත් මන්දිරයේ කවුලු අතින් රිංගා යයි.

වන්තින් කුමරු උදෑසන උද්‍යානයට පිවිසිනි. උයන්පල්ලා පැමින තම දසන් විහිදා කුමරු දෙස බලා සිටියේය.

" කුමරුනි සුභ උදැසනක් "

කුමරු ඔහු දෙස ඇස් කොනින් බලා දිගටම ගමන් කරන්න විය.

" උද්‍යානය බලාගන්නේ ඔබ විසින්ද ?"

" එසේය කුමරුනි මගේ දරුවන් වගේ "

" තවත් උනන්දුවෙන් සිදුකරනු "

" හොදමයි කුමරුනි " උයන්පල්ලා එකත්පස් විය.

කුමරුන් උද්‍යානයට ඒමෙන් බලාපොරොත්තු වන්නේ නිදහසයි. එහෙත් කිසිම දිනක ඔහුට අවශ්‍ය නිදහස අත්දැක නැත. කුමන හෝ කරුනක් අරබයා නිහඩ බව බිද නිසොල්මන පලවාහරිනු ලබයි.

" වන්තින් "

" යුවරජුනි " කුමරු යුවරජුට ආචාර කලේය.

" නවත්වන්න , මා ඔබේ සහෝදරයා. "

" ඔබ අනාගත රජු " කුමරු සිනහ විය.

" ආ...... වන්තීන් ඔබ සිනහ වීමට දනී " යුවරජු තම සහෝදරයාගේ හිසකේ අවුස්සන්න විය.

" අයියන්ඩි මා මාලිගයෙන් බැහැරට යමි. කරුනාකර පිය රජුට එය සැල වීමට නොදෙන්න  "

" ඕ............. ඔබට රහස් ගමනක් "

කුමරු යුවරජු පසුකර අශ්වගාලට පැමිනියේය.

අශ්වගාලෙහි සාරසුබාවට රාජ්කීයත්වයෙන් ප්‍රෞඩ අස් රජුන් දෙදෙනෙක් වීය. අයෙක් කාලවර්ණ වූ අතර අනෙකා ස්වේත වර්ණ විය. ශරීර ශක්තියෙන් අනූන ඔවුන් උසස් අශ්ව කුලයන්ගෙන් පැවතෙන්නන් විය.

කුමරුන් අශ්වයන් ඉදිරියෙන් සිටගත් විගස කාලවර්ණ අසු හේශාරාවය කලේය.
කුමරුන් අසු වැලදගනියි.

" අප පිටත් වෙමු "

අශ්වගාලෙන් අසු පැන්නු කුමරු හැල්මේ දුවන්නට විය. ඔහුගේ සමනාන්තය ලෙස සනිටුහන් වූයේ මාලිගය අසල වනාන්තරය තුලයි. මිනිස්වාසයක් නොපෙනෙන එහි නිදහස අපිරිමිත විය.
ඒ නිදහසට ඔහු ආදරය කලේය. තුරුවැල් සමග හමා එන සුලග නැවුම් බව ඔහු වින්දේය.

හොරාවකට අධික කාලයක් ඔහු වනඅරණ මැද නිදහස් මනසින් ඇවිදගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හොරාවකට අධික කාලයක් ඔහු වනඅරණ මැද නිදහස් මනසින් ඇවිදගියේය. මේ අප දන්නා කුමරු නොවීය. වන්තීන්හෝ කුමරු නිදහස භුක්ති වීදිනා කල්හී ඔහු කුඩා දරුවෙකු මෙනි මුහුන පුරා සිනාවක් රැදෙමින් සිටියි.

"ආහ්............... ආ.............. "

එක්වරම කුමරුගේ දෑස් අන්ධකාර පටලයකින් ආවරණය විය. ඔහු කපා හෙලු ගසක් මෙන් ඇද වැටිනි.




ඇයි දන්නේ නෑනෙ

Bye ළමායි.

පරිස්සමෙන් ඉන්න කස්ටිය


Kishu :-)






Wishes ☑️Where stories live. Discover now