අග්නි 35

1.6K 377 562
                                    

'' දෑස් විවර කරන්න... '' මිධුනාථගේ හඩට අග්නි දෑස් සෙමින් විවර කලේ ය. ඔහුගේ සිත අතිශයින් සැහැල්ලු විය. ඔහු කිසිවක් කල්පනා කිරීමට උත්සහ නොකළ අතර , මිධුනාථ මානසික අභ්‍යාස යනුවෙන් පැවසුව ද එය හුදෙක් සැහැල්ලු භාවනාවක් පමණක් විය .

අග්නි නැගී සිටියේ ය. ඔහු දැඩි කුසගින්නෙන් සිටි නමුත් , දිවා ආහාර වේලාව පසුව ගොසින් තිබුණි . නිසැකවම තවත් හෝරාවකින් හෝ දෙකකින් ඔවුන් ප්‍රිය සම්භාෂණය වෙත පිටව යාමට සූදානම් විය යුතු විය. එහි දී සියලු මුනි ශිෂ්‍යයන් එකිනෙකා හමුවන අතර , එම හමුව පෙර දිනෙක සිලිලාර ශාලාව මෙන් නොවනු ඇති වග අග්නි අපේක්ෂා කළේ ය. මුනි ශිෂ්‍යයන් පමණක් නොව , රද්කොළ කුලීන කුමාරිකාවන් හා තරුණියන් ද මෙකී ප්‍රියසම්භාෂණයට සහභාගී වනු ඇත . අග්නි, මිගාර හා එක්ව දැනට ද බොහෝ දේ සැලසුම් කර තිබුණේ වෙයි.

'' ආ.. ගන්නවා.. '' අග්නි පියවි සිහියට පැමිණියේ මිධුනාථගේ හඩිනි .

ඔහුගේ හස්තයෙහි පිටත පොත්ත ඉවත් කරන ලද ඇඹුල් දොඩම් ගෙඩියක් විය. ඔහු එහි පොත්ත ඉවත් කරන විට දැනුණු පැගිරි සුවදද තමාට නොදැනෙන තරම් අග්නි දැඩි කල්පනාවක වූයේ වෙයි. අග්නි සිනාසී දොඩම් ගෙඩිය සියතට ගත්තේ ය. මිධුනාථ , ඇඹුල් දොඩම් ගසක් යැයි සැකයක් ද අග්නි තුළ වූ නමුත් ඔහු කිසිවක් නොපැවසුවේ ය. ඇතැම් අවස්ථාවල තමාගේ සිතිවිලි එතරම් බොළද වන්නේ මන්දැයි අග්නි දැන සිටියේ නැත .

'' මිධුනාථ.. ඔබ කුමන වර්ණය ද පළදින්නේ ? ප්‍රිය සම්භාෂණයට ? මා නම් හරිත වර්ණයමයි.. එය  මා හට හොදින් ගැළපෙනවා.. නොවේ ද ? '' අග්නි විමසුවේ තමා අද සිටි වස්ත්‍ර පෙන්වමිනි. ඔහු මිධුනාථට පෙනෙන පරිදි වටයක් ද කැරකුණේ ය. මිධුනාථ රවා හැරී බැලුවේ ය.

'' අතිශයින් අවලස්සනයි.. '' ඔහු හැගීම්විරහිතව පැවසුවේ පහව නොගිය කෝපයෙනි . අග්නි සිය දොතොල් උල් කර මිධුනාථ වෙත පෙරළා රැව්වේ ය.

'' පැහැදිලි ඊර්ෂියාව.. '' අග්නි මිමිණුවේ ය.

'' හහ් ? නිහඩවනවා.. තමුන්ටයි මා පිළිබද ඊර්ෂියාව.. '' මිධුනාථ ද කඩාපැන්නේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now