අග්නි 41

1.6K 388 282
                                    

මිගාරගේ ආදාහනය නැරඹීමට හෝ අග්නි ගිරි අසපුව වෙත නොගියේ ය. ඔහු ගිනි දැල්වලට වෛර කළේ ය.

මිගාර පමණක් නොව , පහර දීමට ලක්වූ අනෙක් කුවල්‍ය ශිෂ්‍යයා ද මිය ගියේ ය. ගිරි අසපුවේ පහර දීමෙන් තවත් දීඝ අසපු ශිෂ්‍යයෙකු මිය ගොසින් තිබූ අතර  , ගවේෂණ වටයෙහි සමස්ථ මරණ ගණන තුන ඉක්ම වූයේ අසුර අසිපත දරන්නාගේ හදුනා නොගත් සෙබළුන් සිව් දෙනෙකු ද කෛශාල හා මිධුනාථ අතින් ඝාතනය වීම හේතු කොටගෙනයි . තම අවට වටපිටාවෙහි කුමක් සිදු වූවා දැයි අග්නි දැන සිටියේ නැත . විටෙක භාසුරත් , ධීරත් තමා බැහැදැකීමට පැමිණීයේ ය.

භාසුර තීර්ථයෙන් රැගෙන ආ නැවුම් දෙළුම් යුෂ අග්නි ප්‍රතික්ෂේප කළේ ය. ධීර ඔහුට ලබා දුන් තීර්ථයේ පිසෙන භෝජන බදුන් පවා අග්නි ප්‍රතික්ෂේප කළේ ය. මිධුනාථ , වරින් වර ඔහුට පෙවූ ජලය නොමැති වූයේ නම් අග්නි මේ වන විට සිහිසුන්ව විය යුතු විය.

වෛශව අසපුවෙහි සියලු දෙනා අතිශයින්ම නිහඩ විය. සුග්‍රීවගේ මුව නිරන්තරයෙන් සැරසී තිබෙන සිනහව අතුරු දහන්ව ගොස් තිබුණේ ය . භීෂ හිසේ රුදාවක් යැයි පවසමින් නිතරතුරුවම සිය කුටියට වී සිටියේ ය. ඔහුගේ දෑස් නිදි මැරීමෙන් රත් පැහැ ගැන්වී තිබුණේ ය. කොතරම් රෞද්‍ර විලාසයකින් සිටිය ද අභය ද වරින් වර හීල්ලුවේ ය. රුද්‍ර අග්නි මෙන්ම ආහාර ද ප්‍රතික්ෂේප කළ අතර , මිධුනාථ හා ථිත දෙදෙනා අනෙක් සියලු වගකීම් දැරුවෝ ය. අන් දිනවලට කුඩා අතපසු වීමකින් වුව ද කෙහෙවලු පටලවා ගන්නා මිධුනාථ හා භීෂ පවා අතිශයින් සන්සුන් විය.

මිගාරගේ භස්මාවශේෂ තැන්පත් අලංකාර මංජුසාව ඉදිරියේ පහනක් දල්වා තිබුණේ ය. ඔවුන් හෙට දින නැවතත් වෛශව අසපුව වෙත යාමට නියමිත විය . අග්නි මංජුසාව දෙසට හෙළුවේ සීතල බැල්මකි . කෙලෙසවත් ඔහු මිගාරව එකී ශිලා මංජුසාවෙන් නුදුටුවේ ය. මිගාරගේ අවංක සිනහව පිරි මුහුණ , සෑම විටම දෙතොල් උල්කරමින් තමාගේ හස්තයෙහි එල්ලෙන මිගාර දැන් තමා ඉදිරියේහි ඇති ශිලා මංජුසාවක් වන්නේ කෙසේ දැයි අග්නිට නොවැටහිණ .  ඔහු එක්වරම රුද්‍ර වෙත හැරුණි .

'' රුද්‍ර.. මිගාර අපට විහිළු කරනවා.. බලන්න ඔහු කෙසේ ද අර කුඩා මංජුසාව තුළ සිටින්නේ ? ආා  ඔහු තව මද වෙලාවකින් පිටතට පැමිණේවි.. නොවේ ද ? '' අග්නි අපහසුවෙන් සිනාසෙමින් විමසුවේ ය. රුද්‍ර අග්නි දෙස තත්පර කිහිපයක් බලා සිටියේ ය. අනතුරුව ඔහු නැවතත් ඉකිගැසීමට පටන් ගත්තේ ය. රුද්‍රගේ මුහුණ ද අතිශයින්ම සුදුමැලි විය . ඔහුගේ දෑස් ද අග්නි මෙන්ම රත් පැහැ ගැන්වී තිබුණි .

'' අග්නි... ඔබ විවේක ගන්න.. ඔබ සුවෙන් නොවේ... '' සුග්‍රීව ද පැවසුවේ සිය තරමක් දුර්වල හඩිනි.

♛ අග්නි ♛Where stories live. Discover now