08

3.1K 493 161
                                    

"උබ addresse එක එහෙම දන්නවා ඇති නේ... කොහොමද යකෝ ගේ හොයා ගන්නේ ගෙදර තියන තැනක් නොදැන මූව කරේ තියාන රට වටේ ඇවිදින්න තමා වෙන්නේ"

"මම දන්නවා"

"හෑ...මොකා😳"

"මම එදා පලවෙනි දවසේ කොල්ලාව follow කරා. මට බය හිතුනා මූ මොනවා හරි කරගනී කියලා. මම රෑ වෙනකං ගේ වටේ කැරකි කැරකි හිටියේ. තව ඩිංගෙන් මුගේ තාත්තාටත් මාට්ටු. මං uncle ගෙදර යනකං ඉදලා තමා ගෙදර ආවේ.

"අඩේ උබ මාර මිනිහෙක්නේ. ඒක තභා එදා එක පාරට අතුරුදහන් උනේ. මම ඒත් කල්පනා කරා මොකක්ද ඒ වුනේ කියලා. ඌදා තව විධාඩි පහක් මං මේ මගුල් කාමරේ අස්සේ හිටියානං මං මෙලහකට අංගොඩ. මගුල"

"හරි හරි එදා උන දේවල් වලට සමාවෙයං අද උදව් කරපන්කෝ."

"උබට උදව් නොකර ඉන්නෑනෙ මං. යං ඉතින්"

තීක්ශන පොඩි කොල්ලාව වඩා ගත්තා. ඇතීතටම ඒ සිද්දිය දකිද්දි මගේ හදවත කඩං වැටෙන්න වගේ ආවා. එක වෙලාවකට මට හිතෙනවා තීක්ෂන මාරයි කියලා... ඇත්තටම ඒ වගේ ආදරයක් ලබන්න පොඩි එකා එදා වාසනාවන්ත වුනා.

ගෙදර දොරකඩම වාහනේ නැවැත්තුවත් මට නම් හිතුනේ තීක්ශනටම කොල්ලා භාර දීලා මම කාර් එක ඇතුලට වෙලා ඉන්න. ඒත් මුගේ වදේ ඉවසන්න බැරුව මමත් ගියා.

බෙල් එක ගහද්දි දොර ඇරියේ මැදිවියේ පසුවුනු හැඩිදැඩි මිනිහෙක්. මේ වගේ කොල්ලෙක්ට ඒ වගේ තාත්තෙක් ඉන්නවා කියන එක නම් ටිකක් වෙනස්. මගේ මනසේ මැවිලා තිබීබේ කැහැටු මිනිහෙක්. ඒත් මේ මනුස්සයා ඊට හාත්පසින්ම වෙනස්. ඒ වගේම එයාගෙ බැල්ම. ඒ ඇස් පුපුරයි වගේ තිබුනේ.

අන්තිමේදි කොල්ලා උගේ නිදියන කාමරෙන් තියන්න උනෙත් අපි දෙන්නාට.

"මේ කාලකන්නියාට කිසි දෙයක් කරගන්න බෑනෙ...දැං මොනවා කරන්න ගිහින්ද ඕකා ඔය දෙරි ඇදුනේ"

"අනේ sorry uncle අපේ වැරැද්ද. අද ටිකක් අව්වත් සැරයිනේ. මල්ලි ගොඩක් මහන්සි උනත් එක්ක... මෙයා විතරක් නෙවේ තව දෙතුන් දෙනෙක්ම කලන්තෙ දැම්මා"

"ආහ් දැං මේ පුතාලා කලන්යෙ දාපුඋන් පටවන් යන ගමංද... අනේ මංදා අද කාලෙ කොල්ලෝ ඇත්තටම කොල්ලොද කියලත් සැකයි..."

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now