අග්නි 42

1.6K 411 323
                                    

'' ආ.. ආ..මගේ පාදය වේදනාකාරීයි... දුෂ්ඨ මිධුනාථ !!!,. මා ඔසවා ගැනීමටවත් නොහැකි ද ? ඒයි....කෲර මිදිගෙඩිය ... මා ඔසවා ගන්නවා... '' අග්නි නොරිස්සීමෙන් පැවසුවේ ය . ඔහුගේ මුහුණ තවමත් සුදුමැලි විය.

'' නිහඩවනවා.. '' මිධුනාථ අග්නි පැවසූ කිසිවක් කනකට නොගත්තේ ය. ඔහු අග්නිට ඇවිදීමට උපකාර කළා පමණි. මිධුනාථ කෙනෙකුට උපකාර කරනවා දැක ඔහු දෙස විස්මයජනක දෙස බැලූ වෛශව සිසුන්ට ද ඔහු දැවී අළුව යන පරිදි රැව්වේ ය.

සත්‍යවශයෙන්ම අග්නිට ඇවිදීමට තරම් අපහසුවක් නොතිබුණේ ය. ඔහු හී තලය සිරුරේ තිබිය දීම දින දෙකක් කිසිදු ගැටලුවකින් තොරව ගත කළේ නම් , දැන් දැනෙන කුඩා වේදනාව දරාගැනීම අග්නිට අපහසු කරුණක් නොවී ය. මිධුනාථ තැවරූ වේදනා නාශක ඔසු නිසාවෙන් ඔහුට වේදනාවක් නොදැනුන තරම් විය. නමුත් , ඔහුගේ කෲර සිත මිධුනාථට කරදර කිරීමෙහි කිසිදු පැකිළීමක් නොදැක්වී ය. නමුත් තමා සිතූ පරිදි මිධුනාථ තමාව ඔසවා ගත්තේ නැත.

සම්පූර්ණ වෛශව අසපුව පෙර පරිදිම විය. සුග්‍රීව ඇතුළු තරගාවලියට සහභාගී වූ කිසිදු ශිෂ්‍යයෙකු පෙනෙන්ට නොසිටිය ද අනෙක් ශිෂ්‍යයන් කිසිවක් නොවූ පරිදි හැසිරීම අග්නිට ගැටලු සහගත විය. ඔහු මිධුනාථ දෙස හැරී බැලුවේ ය.

'' සතියකට වරක් කව්රුන් හෝ මිය යාම වෛශව අසපුවට සාමාන්‍යයි ....ශෝකය , අදාළ පුද්ගලයන්ගේ සමීපතමයන්හට පමණයි.... '' මිධුනාථ පැහැදිලි කළේ ය.

'' උමතු මුනි කුලය !!! '' අග්නි රෞද්‍රව මිමිණුවේ ය. මිධුනාථ රවා බැලූ මුත් කිසිවක් නොපැවසුවේ ය.

ඇසළ අංගනය අසල සිටගෙන සිටි තාලි දැකිමෙන් අග්නි තිගැස්සී ගියේ ය. ඒ ඔහු දැනසිටි තාලී නොවී ය. තාලීගේ මුහුණ , වස්ත්‍ර සියල්ලක්ම සම්පූර්ණයෙන්ම ස්වේත වර්ණය විය. වෙනදා ඉග තෙක් ලිහා තිබූ කැරලි සහිත කොණ්ඩය හිස මුදුනට වන්නට බැද දමා තිබුණි . ඛාදී දේවිය ද ඇයගේ පසෙකින් විය. ඇයගේ මුහුණ ද ශෝකාන්විත විය . මිගාර , ඛාදී , තාලි තිදෙනා කුඩා කල සිටම හොදම මිතුරන් වග අග්නි දැන සිටියේ ය.

'' අග්නි.. '' ඇය අපහසුවෙන් සිනාසුණා ය.

'' මිධුනාථ කුමරුනි.. '' ඇය මිධුනාථ වෙත ද සන්සුව ආචාර කළේ ය. තමාගේ නාසය නැවතත් බරව යනු අග්නිට දැනුණි . ඔහු දැන සිටි තාලි මිනිත්තුවට වදන් සියයකට වඩා පැවසී ය.

♛ අග්නි ♛Where stories live. Discover now