අග්නි 43

1.6K 421 455
                                    

'' බිත්තරයා.. ඉස්ගෙඩිය... ගස් ගෙම්බා.. '' අග්නි මෙවර ද එකේ සිට තුන දක්වා ගණන් කළද ද්වාරය විවර නොවී ය. මිධුනාථ දැන් අඩහෝරාවකට වඩා ස්නානය කරනවා විය යුතු විය.

'' මා සැතපෙනවා.. '' අග්නි සිතා නිමකිරීමට පෙර මිධුනාථ ද්වාරය විවර කර කුටිය තුළට පැමිණියේ ය. ඔහු ස්නානය කර අනතුරුව තෙත සහිත කොණ්ඩය උර තෙක් ලිහා දමා තිබූ අතර , ඔහුගේ උඩුකයෙහි ජල බිදු තවමත් සම්පූර්ණයෙන්ම වියළී ගොසින් නොතිබුණි.  ඔහුගේ එක් හස්තයක අසිපත ද අනෙක් හස්තයෙහි රිදී බන්දේසි දෙකක් සහිත ලෝහ තැටියක් ද විය . 

'' මිධුනාථ.. අවසානයේ ඔබ පැමිණියා ද ? මා සිතුවා සම්පූර්ණ පොකුණෙහිම ජලය පානය කරනවා කියා.... '' අග්නි සිනාසෙමින් පැවසුවේ ය.

මිධුනාථ සුපුරුදු ලෙස රවා බැලුවේ ය. ඔහු අතිශයින් නිශ්ශබ්ද ජීවිතයකට හුරුව සිටි අතර අග්නිගේ මෙකී ඝෝෂාකාරීබව ඔහුට සැබවින්ම හිස රදයක් මෙන් වූ වග අග්නිට හොදින්ම විශ්වාස විය. නමුත් ඔහු එය මදකුදු තැකුවා ද ? කිසිසේත්ම නැත .

එක් අතිකින් අග්නි තීර්ථයේ සිටියා නම් ඔහු මෙකී ඝෝෂාකාරී බව සම්පූර්ණයෙන්ම බැහැර කරනු ඇත. ඔහුට ධීර හා භාසු සිහිපත් විය. ඔවුන් තමා මුණ ගැසීමට වෛශව අසපුවට පැමිණියා දැයි හෝ නැතිදැයි කියලා අග්නි දැන සිටියේ නැත. මිධුනාථ ඔහුට කුටියෙන් පිටතට යාමට තබා සයනයෙන් බැසීමට ඉඩ නුදුන්නේ ය. ජලය , ආහාර , සියල්ලක්ම සමීපයට ගෙනවිත් ලබාදුන්නේ ය. හෝරා දෙකින් දෙකට , තුවාලය පිරික්සමින් වෙළුම් අලුත් කරමින් එය ආසාදනය නොවීමට වග බලාගත්තේ ය.

මිධුනාථ , බොජුන් සහිත බන්දේසිය පසෙකින් තැබුවේ ය. අනතුරුව අග්නි වෙත එය ලබා දී සිය බන්දේසිය රැගෙන නැවතත් කුටියෙහි අනෙක් පසට ගියේ ය. ඔහු ශිලා අසුන මත සන්සුන්ව අසුන් ගනු අග්නි බලා සිටියේ ය.  අග්නි දෙතොල් උල් කර තම පලගුව වෙත අවධානය යොමු කළේ ය. අනතුරුව ඔහු නැවතත් සන්සුන්ව ආහාර ගනිමින් සිටි මිධුනාථ දෙස බැලුවේ ය.

'' මිධුනාථ... '' අග්නි නැවතත් නිහඩතාවය බිද දැමුවේ ය. ඔහුගේ මුව පුරා ආහාර විය . මිධුනාථ රවා බැලුවේ ය. ආහාර අනුභවයේ දී අන් ක්‍රියාවක නිරත වීම අකැප වූ අතර , මුවෙහි ආහාර සහිතව කතා කිරීම ද  බෙහෙවින් අශ්ශීල වූ නමුදු අග්නි එය නොතැකුවේ ය. මිධුනාථගේ රැවීමෙහි වූ දරුණු අනතුරු ඇගවීම වටහා ගත් අග්නි නිහඩව කටට දෙකට සම්පූර්ණ පලගුවම අනුභව කර අවසන් කළේ ය. ඔහු මිධුනාථට බාධා නොකරම මැටි බදුනෙහි වූ ජලයෙන් දෑත් ද සෝදාගෙන ගුරුලේත්තුවෙහි වූ සිසිල් ජලය ද පානය කළේ ය .

♛ අග්නි ♛Where stories live. Discover now