8.

614 100 7
                                    

" මියැන්හෝ ඔබ නැවත පැමිනියා. "
" හ්ම් "
යුවරජු ශියැන්ෂිගේ පිටුපස සිට ඈ තරකොට වැලදගත්තේය. ඔහුගේ තොල් පෙති තම උරහිස් මත හා ගෙලෙහි දැවටෙන විට ඇය එය විදගත්තාය.


" මා ඔබට ආදරෙයි " ශියැන්ෂිගේ හඩ සරාගීය. කනට මිහිරිය. එයින් උද්දාමයට පත් මියැන්හෝ යුවරජු ඇගේ ඉන වටා දැවටී තිබූ අත් වලින් ඇගේ ඉන මදක් තද කලේය. ඇගේ ඉනේ මස්ගොබ ඔහුගේ අතට දැඩිව ග්‍රහනය විය.

" ම්ම්.............."

ශියැන්ෂි යුවරජු දෙසට හැරි ඔහු දෙස බලා සිටියාය. ඇය බලාපොරොත්තු වූ ලෙසම ඔහුගේ උඩු කය නිරුවත් වූ අතර පොකුනු ජලයෙන් වැසී තිබූ ඔහුගේ යටි කය හි වූයේ යට වස්ත්‍රය පමනි.

ශියැන්ෂි ඔහුගේ තොල් පෙති මත තම තොල්පෙති තැබීය. සීරුවෙන් ඇගෙ ලවන් ගෙල දිගේ ගෙන ගියේය. ඔවුන්ගේ දෙවන මධුසමය පොකුන තුල දිය කලඹමින් සිදුවිය.






" මෙහි සිටින සරාගීම කාන්තාව මට අවශ්‍යයි. "

අයිතිකාර ස්ත්‍රිය මදක් බලා සිටියි. වන්තීන්හෝ ඇය ඉදිරියේ කුඩා මල්ලක් විසිකලේය. ඇය එය දිග හැර බලා වන්තීන්හෝ කුමරුන්ට සිනාවකින් සංග්‍රහ කරයි. මල්ල තුල කාසි පුරවා තිබිනි.

" පැමිනෙන්න "

ඔවුන් දෙදෙනා දිගු කොරිඩෝවකින් ඇතුල් විය. එහි තිබූ දොරවල් අතරින් එකක් ඇය විවර කොට කුමරු දෙස් බැලීය.

" ඇතුල්වන්න "

එතුල තරමක් අදුරු වූ අතර එක් පහනක් දැල්වී තිබිනි. සුවදවත් පුශ්පයන් ගේන් කුටිය සුගන්ධයකින් පිරි තිබිනි.
ඔහු ඊට ඇතුල් විය.

" ඔබ මෙහෙට අමුත්තෙක්, මා නිවැරදි නොවෙද " අන්ධකාරය අතරින් මිහිරි කටහඩක් ඇසින.

" හ්ම් " කුමරු කටහඩ ඇසුන දිශාව සෙවීමට මදක් වෙහෙසින.

පිටුපසින් පැමින තමන් වැලද ගන්නා බව ඔහුට දැනින.

" ඔබේ සුවදට මම කැමති "

කුමරුන් කිසිවක් නොකිවේය. ඔහුට තම සිත හදාගැනිමට අවශ්‍යය විය. ඔහු ප්‍රේමය පිදිමට සුදානම් වූ ස්ත්‍රිය පූජකවරියක්. පූජකවරියකට ප්‍රේම කිරිම තහනම්ය. කුමරුන් සිහිනෙන් ශියැන්ෂිව දර්ශනය වීම ඔහුට දරාගත නොහැකි විය. අද සවස ඇයව සිප ගැනීම නිසා ඔහුට නැවත නැවතත් සිපගැනීමක් ඔහුට අවශ්‍ය විය. එමෙන්ම ලිංගික ඇසුරක් පවා අවැසි විය. එය ඉශ්ඨ කරගැනීමට ඔහු තුල දැඩි ආශාවක් මෝරා එමින් තිබිනි.

Wishes ☑️Where stories live. Discover now