අග්නි වනයේ මධ්‍යය තෙක්ම , අැවිද ආවේ ය. සිය දෙපා දරාගත හැකි උපරිම මට්ටමෙහි වග වැටහුණු ඔහු මදක් බිමින් අසුන් ගත්තේ ය. ඔහු සිය දෙපා දණ හිස අසලින් නමා තමා අසලට ගත්තේ ය. ඔහු දෑස් තදින් පියාගත්තේ ය. ඔහුට කිසිදු ශබ්දයක් ද නෑසෙන පරිදි දෙසවන් වසා ගැනීමට ද අවැසි විය. ඔහු දෙසවන් වසා ගැනීමට පෙර කොළ රොඩු ඇවිස්සෙන ශබ්දයට ඔහුගේ අවධානය බිදී ගියේ ය.
ඔහු හිස ඔසවා බැලුවේ ය. මිධුනාථගේ ප්‍රශ්නාර්ථ දෑස් අග්නි වෙතට ඍජුව එල්ල වී තිබුණි . තමාගේ පෙර පහරදීමෙන් ඔහුගේ නාසයෙන් ගලා ආ රුධිරය නැවතී තිබෙනු අග්නි දුටුවේ ය.
නැවතත් සිය දෑසින් ගලා ආ කදුළු වළක්වා ගැනීමට අග්නි දෑස් තද කර වසාගත්තේ ය . ඔහු තව තවත් වැරෙන් දෑස් පියාගත්ත ද ඔහුගේ බාධකය නොතකමින් සිය කම්මුල් ඔස්සේ කදුළු ගලා යනු අග්නිට දැනුණි . ඔහු සිය මැණික් කටුවෙහි වූ සලකුණ වැරෙන් පිස දැමුවේය . ඔහුට එය මැකී යන තුරුම පිස දැමීමට අවශ්‍ය විය . අනතුරුව ඔහු නැගී සිටියේ ය.
'' එය එසේ නොවේ නේ ද? '' අග්නි දැඩි බලාපොරොත්තුවකින් විමසුවේ ය. මිධුනාථගේ දෑස් ක්ෂණිකයෙන් පොළොව දෙසට යොමුවනු අග්නි බලා සිටියේ ය.
'' අන් අය කුමක් පැවසුවත් කම් නොවේ.. ඔබ පවසන්න එය එසේ නොවේ යනවග... ම්ම් ? පවසන්නකෝ... මිධුනාථ.... '' අග්නි ඇයැද සිටියේ ය. මිධුනාථගේ දෑස් පොළවට ලම්භකව එල්ල වී තිබීම අග්නි නොරිස්සුවේ ය.
අග්නි නිහඩ විය . ඔහුගේ මුවින් උමතු සිනහාවක් නික්මිණ . ඔහුගේ දෑසින් කදුළු ගලා ගිය මුත් අග්නි සිනාසුණේ ය.
'' වාහ්....එය අනර්ඝයි ... නොවේ ද මිධුනාථ ? සක්වල චක්‍රය විවර කිරීමට අවැසි වූයෙත් මා හටමනේ.... '' අග්නි සිනාසෙමින් හිස දෙපසට සැලුවේ ය.
'' කව්රුන් ද මෙවැනි විස්මයට පත් කිරීමක් පිළිබද සිතුවේ.... දෛවයේ සරදම්....... '' අග්නි නැවතත් සිනාසුණ මුත් මෙවර ඔහුගේ හඩ බිදී ගියේ ය.
'' සුලෝධජ.. '' මිධුනාථ සන්සුන්ව ඇමතුවේ ය. එවර අග්නිගේ මුහුණෙහි වූ සිනහව වියැකී ගියේ ය. ඔහුගේ බැල්මෙහි විස්මයක් නොවී ය. ඔහුගේ පැහැදිලි උපහාසය කැටි වුනු දෑස් , මිධුනාථ වෙත එල්ල විය .
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...