10.

601 104 34
                                    

යුවරජු තමා තර කොට සිටින රාජපුරුශයකුගේ කග කොපුවෙන් ඇද තම හදවත හරහා යන්නට කග  ඇතුල්කරගත්තේය.

" මියැන්හෝ "
රජුගේ හඩින් වන්තීන්හෝ කුමරුන් ගැස්සි අවට පිරික්සන්න විය. එවිට ඔහු දුටුවේ තම සහෝදරයා දණගසා සිටින අයුරුයි. ඔහුගේ හදවත පසාරු කොට කිදා බැස තිබූ කග එලියට ගෙන ඔහු ඇද වැටිනි.

වන්තීන්හෝ කුමරුන් තම සහෝදරයා අසලට දිව ගොස් ඔහුව වැලදගත්තේය.

" අයියන්ඩි!  "

" මරණය යනු අවසානය නොවේ කුමරුනි. මතු දිනක අප තිදෙනාම නැවත හමුවෙයි. එසේ සිදුවේවා කියා මා ප්‍රාර්ථනා කරමි. " යුවරජුගේ අවසන් වචන ස්වල්පය එලෙස ප්‍රාර්ථනාවක් ලෙස පිටවිය. කුමරු යුවරජු ඔසවා ශියැන්ෂි අසලින් තැබීය.

" රාජපුරුශයිනි ,  මොවුන් දෙදෙනාගේ සිරුරු පොදු සුසන භූමියේ වලදමනූ. මියැන්හෝ හට කිසිදු රාජකීය ගෞරවයක් දැක්වීමට අවශ්‍ය නැත. " රජු අසුපිටට නැගිනි.

" පියාණනි , ඒ ඔබේ දරුවා . "

" වන්තීන්හෝ ! ඔහු මිය ගියා . මට සිටින්නේ ඔබ පමනි. "
රජු රාජපුරුශයන් දෙස හැරී.

" කුමරුන්ව මාලිගයට රැගෙන එනු , මුරන්ඩු වුවහොත් බන්ධනය කිරිමට අවසර දෙමි. "
කුමරුන් යදම් වලින් බැද අසුපිට නංවන ලදි. ඔහු හැගීමකුදු නොමැතිව ගමන් කරන්න විය.

සොහොයුරුගේ මෙන්ම ශියැන්ෂිගේ වියෝවීම ඔහුට දැඩි චිත්තපීඩාවක් ඇති කලේය. වන්තීන්හෝ කුමරුන්ද කුමක් හෝ නොහොබිනා කමකට සැරසේදෝ යන සැකයෙන් රජු ඔහුව නිවාස අඩස්සියේ තබන ලදි. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව ඔහුගේ  සයනාගාරයේම තබන ලදි.

එහෙත් ,

කුමරුන්ට අවශය වූයේ තම සොහොයුරු අසලට යාමටය. මුළු රාත්‍රිය පුරාම කුමරු සැප නින්දක පසුවුය.

උදෑසන ආහාරය ගෙන ආ මෙහෙකාරිය දුටුවේ වස්දන්ඩක් හා යුවරජුගේ අතෙහි වූ මුදුවක් තුරුලු කොට තවමත් සුවනින්දේ පසු වන වන්තීන්හෝ කුමරුයි.

ඊට අමතරව ශියැන්ෂි පානය කල වස බදුනද ඔහුගේ ඇද අසල තිබී හමුවිය.

Wishes ☑️Where stories live. Discover now