අග්නි 56

1.9K 374 497
                                    

එ් වනාහී,  සුලෝධජ රාජ්‍ය පාලන සමයේ සත්වන වන පාලන වර්ෂය විය .

'' නුඹ ඉසුරුපුරයේ සිට ද ? '' අවන්හලේ තමාගේ එහා පස ශිලා මේසයේ අසුන්ගෙන සිටි එක් පුද්ගලයෙකු තමාගෙන් විමසනු නිදහසේ ආහාර ගනිමින් සිටි තරුණයා මදකුදු නොතැකුවේ ය. ඔහුගේ රළු දෑස්වල අවධානය හුදෙක් සිය පලගුව වෙත පමණක්ම වූ අතර ඔහු හිස ඔසවා බලා ආගන්තුක පුද්ගලයා දෙසට රෞද්‍ර බැල්මක් හෙළුවේ ය.

'' චහ්.. පුදුම උද්ධච්ඡකමක්.. '' ආගන්තුකයා උපහාසයෙන් පැවසුවේ තමාගේ අනෙක් පස සිටි පුද්ගලයාව කතාවට අල්ලා ගනිමිනි.

තරුණයා පිළිතුරු වශයෙන් කිසිවක් නොපැවසුවේ ය. ඔහුගේ මුහුණ පුරා තරමක ඝන රැවුලක් වූ අතර ඔහුගේ වස්ත්‍රයන් අතිශයන් සාමාන්‍ය, රළු ඒවා විය. ඔහුගේ හිරු එළියට පිළිස්සී ගිය තරමක් පැහැපත් සම ඔහු වෙත දැඩිහැඩි රෞද්‍ර පෙනුමක් එක් කළ ද ඔහුගේ ස්වභාවය තරමක් අපිළිවෙල විය. මුහුදු රළවන් කොණ්ඩය නළලින් අර්ධයක් ද වසාගෙන උරමතට නිදහසේ වැටී තිබූ අතර ඔහුගේ , වස්ත්‍රයන්හි බද පටියෙහි අලංකාර ලෙස කැටයම් යෙදූ කැටපෝලය කැපී පෙනිණ .

හේ වනාහී අන්කවරෙකු හෝ නොව මිධුනාථයන් විය.

ඔහුගේ දෑස් ආහාරය වෙතම යොමුව තිබුණ ද දෙසවන් අසල සිටි පුද්ගලයන් දෙදෙනාගේ කතා බහට යොමුව තිබුණි . එය ඔහුගේ ස්වභාවය නොවූව ද මෙවර තමා අසල සිටි පුද්ගලයන් දෙදෙනාගේ මාතෘකාව එය මදක් වෙනස් කර තිබුණි .

'' ඔහු සැබවින්ම උමතුවෙන් .... '' එක් පුද්ගලයෙකු පවසනු ඔහුට ඇසිණ .

'' එතුමා සෑම දිනකම රෞද්‍ර ලෙස උමතුවෙන් තමා පසු වූයේ.. නැතිනම් එතරම් කෲර ක්‍රියා සිදු කරයි ද ? '' අනෙක් පුද්ගලයා ද පැවසුවේ සිය හඩ බාල කරමිනි. ඔහුගේ හඩෙහි කෝපයක් විය.

'' ෂ්ෂ්.. වදන් ප්‍රවේසමින්... නුඹටත් ඇවැසි තීර්ථ මාළිගයේ බලකොටු පවුරේ මළසිරුරක්ව එල්ලී සිටීමට ද ? '' අනෙක් ආගන්තුක පුද්ගලයා බියජනක ලෙස මිමිණුවේ ය.

'' ඔහු , ගිරි අසපුවේ ශිෂ්‍යයන් දෙදනෙකුට එලෙස සිදු කළ වග මා අසා තිබෙනවා.. ''
අනෙක් පුද්ගලයා ද සිය හඩ බාල කර පැවසී ය.

♛ අග්නි ♛Where stories live. Discover now