අග්නි 59

1.6K 372 179
                                    

මිධුනාථ , සීතල තෙත් ගතියකින් යුතු වූ ශිලා පොළොව මතට සෙබළුන් විසින් තල්ලු කර දැමුවේ ය. ඔහු කෝපාන්විතව මානසික ප්‍රහාර එල්ල කිරීමට සැරසුණ ද සුග්‍රීව හා ථිත පිළිබදව සිහිපත් වීමෙන් ඔහු මදකට සන්සුන් විය. ඔහු කෙතරම් දැඩි මානසික ප්‍රහාරයන් එල්ල කළද එහි ඔහුට පලා යා හැකි තත්වයක් නොවී ය. ඔහුගේ පාදවල වළලුකර අසලට ශක්තිමත් දම්වැල් යොදා ගැටගසනු මිධුනාථ රෞද්‍ර දෑසින් බලා සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය.

සෙබළුන් දෙදෙනා සිය දෑත් පිටිපසට කර බැද ඇති කටු කම්බි ලිහා දමා එසැණින් එමතින් දම් වැල් දමා ගැටගසනු ද මිධුනාථ බලා සිටියේ ය. මෙවර ඔහුගේ දෑත් ඉදිරියට ගත හැකි පරිදි ගැට ගසනු ලැබූ අතර අගල් කිහිපයක දම්වැලක් ද දෑත් අතර විය . පෙර ඔහුගේ දෑත් බැද දමා තිබූ කටු කම්බි , දෑතෙහි ඇමිණීමෙන් ඒ වන විට ද දෑතෙහිම මැණික් කටුව අසළින් රුධිරය ගලා ගිය ද ඒ මතින්ම යෙදූ යකඩ විල්ලුව සහිත දම්වැල් වේදනාව තවත් දැඩි කළේ ය. නමුත් මිධුනාථ සිය සුපුරුදු හැගීම් විරහිත මුහුණින් බලා සිටියා විනා කිසිවක් නොපැවසුවේ ය.

සියල්ල එතැනින් අවසන් යැයි ඔහු සිතා සිටයද සිර කුටිය තුළම පසෙකින් ගඩොල් ප්‍රකාරයකින් වට කළ කුඩා බැම්ම සහිත කොටසට සෙබළුන් විසින් උණුසුම් යකඩ හා ලෝදිය සහිත බදුන් කිහිපයක් ද දමනු මිධුනාථ බලා සිටියේ ය. සුලෝධජගේ භූගත සිරකුටි දරුණු මන්දැයි ඔහු සැනින් වටහා ගත්තේ ය.

දැනට ද භූ ගර්භයෙහි පිහිටා තිබූ කුටියට නිසි පරිදි වාතාශ්‍රය ද නොලැබුන අතර , පසෙක වූ උණුසුම් යකඩ හා ලෝදිය උදුන සිර කුටියෙහි උණුසුම භයානක ලෙස ඉහළ නැංවී ය. දැනට ද සිය සිරුරම  දහදියෙන් නැහැවි ඇතිවග මිධුනාථට දැනුණි . ඔහු නිහඩව දෑස් පියාගනිමින් ශිලා බිත්තියට හේත්තු වී සෙබළුන් ද්වාරය අගුළුලන ශබ්දයට ද සවන් දුන්නේ ය.

ඔහු තරමක් අපහසුවෙන් ශ්වසනය කළේ ය. සිර කුටිය තුල වාත්‍රාශය අාලෝකය සේම සීමිත විය. සිර කුටිය තුළම වූ ලෝකඩ පිරවූ උදුන සම්පූර්ණ කුටියම උණුසමින් පුරවා දැමී ය. තමා දහදියෙන් නැහැවී ඇති බවත් මෙලෙස සිදුවුවහොත් අඩ හෝරාවක් ගත වීමට නිමිත්තෙන් සිරුර තුළ ඇති සියලු ජලය වාස්ප වීමෙන් විජලනයට ලක්වන වග ද මිධුනාථ ක්ෂණිකයෙන් වටහා ගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now