7.පුදුමයන් 😳

148 30 5
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

"එයා කිවුවේ අත අතහරින්න කියලා"

ආයෙත් පිටිපස්සෙන්........... අනේ මන්දා මගේ වෙලාව බලා ගත්තා නම් හොදයි වගේ. හැම වෙලේම මට කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ මගේ පිටිපස්සෙන් ඇවිත් කවුරු හරි කතා කරනකොට කියලා මට තේරිලා තිබ්බා. ඒ කියන්නේ දැනුත් කරදරයක් ෂුවර් තමා.😕😕

ජුන්මි බය වෙලා ඉන්න විදිහ දැක්කාම නම් මගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මන් හිතපු එක හරි කියලා හිතුනා. මගේ අත අතහැරපු ජූමින්,

"සොජෝ ඔප්පා........ ඔයා ???......."

ජුන්මි අත අතහැරපු ගමන් මගේ අතින් අල්ලා ගත්ත සොජෝ ඔප්පා,

"යූන්හා.... යං......."

කියලා මාගේ රතු වෙලා තිබ්බ අත අල්ල ගත්තා. ජුන්මි තද කරලා අල්ලපු නිසා මගේ අත සොජෝ ඔප්පා අල්ලනකොටම මට කැ ගැහුනා.

"ආහ්හ්හ්හ්......."

"යූන්හා ඔයා හොදින්ද??....."

මන් දිහා බලලා අහපු සොජෝ ඔප්පාට පස්සෙයි තේරුනේ එයා මගේ රිදෙන අත අල්ලන් ඉන්නේ කියලා.

"මට සමාවෙන්න යූන්හා..."

කියපු සොජෝ ඔප්පා මගේ අතේ උඩට වෙන්න අල්ලගෙන මාව ඇදගෙන යන්න හදනකොටම,

"එයාව අතහරින්න Senior..., ඔයා එයාට රිද්දනවා...."

කියපු කුකී මගේ අනිත් අතෙන් අල්ලා ගත්තා. කුකීගේ කටහඩ ආව පැත්තට හැරුණු අපි 2න්නා පුදුමයෙන් වගේ කුකී දිහා බැලුවා.

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now