17.

360 74 6
                                    

"ආ........ මේක මෙච්චර උඩින් තිබ්බේ කවුද "
ශින් කකුල් දෙකෙන් ඉස්සිලා පොත් රාක්කේ උඩම තට්ටුවේ තිබ්බ පොතක් ගන්න උත්සහ ගත්තා. ඒත් එයා ඒක ගන්න උස මදි.

කවුරුහරි කෙනෙක් අත දලා එයා ගන්න හදන පොත අල්ලගත්තා.

" උදව්වක් දෙන්නද "
ශින් පිටිපස්ස හැරිලා උසට උසෙ තමන් දිහා බලන් ඉන්න කොල්ලා දිහා බැලුවා.

" නෑ ඕනනෑ , මට පුලුවන් "

"පේනවා පේනවා බටු ඇටයක් වගේ ඉදගෙන "
මින්සෝ හිනාවුනා.

"අනේ ඕන නෑ මමම ගන්නම් "
ශින් ආයෙත් කකුල් වලින් ඉස්සෙන්න ගත්තා.

" ඔය මොකද "
මින්සෝ ශින්ගේ ඉනෙන් අල්ලලා උඩට ඉස්සුවා.

" හරි , දැන් ගන්න "
ශින් හිමින් සැරේ එයාට ඕනකරන පොත අතට ගත්තා.

" හරි හරි දැන් බිමින් තියන්න "
මින්සෝ ශින්ව බිමින් තිබ්බ ගමන් එයා මින්සොව පහු කරන් මේසයක් ලගින් වාඩි වෙලා පොත කියවන්න ගත්තා.

මින්සෝත් ශින්ගේ පිටිපස්සෙන් ගිහින් එයා ලගින් වාඩිවුනා. ශින් එක එල්ලෙ පොත කියවනවා. මින්සෝ දිහා බලන්නෙවත් නෑ. මින්සොත් ගල්පිලිමයක් වගේ ඉන්න කොල්ලා දිහා කට ඇරන් බලන් හිටියා.

නලලට වැටිලා තියෙන කෙස් ඇස් ලග නතර වෙලා පිරිච්ච තොල් වල අමුතු මැජික් එකක් තියෙනවා. මින්සෝ හිතුවා. පොතට බර වෙලා තියෙන ඒ ඇස් කලුපාටින් දිලිසෙනවා.

කලු ! එවා කලුද ? මින්සෝ තවත් උනන්දුවෙන් ඒ ඇස්දිහා බලන් හිටියා. ඒවා හරි පුදුම ලස්සනයි තද නිල්පාටයි. ඊටත් වඩා ඒ ඇස් මට ලෙන්ගතුයි. හුරුපුරුදුයි. එහෙම උනේ කොහොමද ? මින්සෝ දිගටම කල්පනාකරා.

 එහෙම උනේ කොහොමද ? මින්සෝ දිගටම කල්පනාකරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wishes ☑️Where stories live. Discover now