18.

344 66 7
                                    

" මේ හලෝ, හොදවෙලාවට ඔයා ආවේ නැත්තේ " ශින්ගේ මූනේ ලොකු හිනාවක්

" ඒ මොකෝ "

" මට මින්සෝව හම්බුනා, එයා මට එලියට යන්න එන්න කිව්වා."
ශින් මාව බදා ගත්තා.

" කවද්ද "

" සෙනසුරාදා "

එහෙනම් වැඩේ හරි වගේ, හොද වෙලාවට ටෑනුයි, යුන්සොයි එකට හම්බුනේ. දැන් යුන්සො ශින්ව දැක්කට අවුලක් වෙන එකක් නෑ. ඒකත් හරි.

හැමදේම සමාන්‍ය විදියට හරියයිද? අනේ මන්දා ඉතින් කියන්න අමාරුයි. ඉස්සරහට මොන වගේ දෙවල් සිද්ද වෙයිද. ඒවා කියන්න මට දිවැස් නෑනෙ.

හෙට සෙනසුරාදා ශින් නම් හරි උනන්දුවෙන් ඉන්නේ එයා සැරින් සැරේ ඔරලෝසු වලට ඔරවන්නේ එහෙම කලාම වේගෙන් වෙලාව යයි කියලද දන්නෑ.










" එයි, චුටි ඔයා පරක්කුයි "
මින්සෝ නේවාසිකාගාරයේ දොරට හෙත්තුවෙලා බලන් ඉන්නවා.

" සොරි " ශින් හිනාවක් දැම්මා.

" යං "

දෙන්නත් එක්ක රෙස්ටුරන් වලටම දවස ගෙව්වා. ඇත්තම කියනවනම් මේ දෙන්නා කලේ පයින් යන ගමන් දකින දකින කඩවලට ඔලුව දාලා මොනා හරි කටේ ඔබාගත්තු එක. දැන්නම් දෙන්නම හොද යාලුවෝ.

හැමතැනම ඇවිද්දා. මින්සොගේ වැඩේ හතිදාගෙන ශින්හ්වා පස්සෙන් දුවපු එක. ඇත්තටම කියනවනම් ශින් චුටි ලමයෙක් වගේ දකින දකින එක පස්සෙන් දුවනවා. පාරෙදි දකින දකින සතාව හුරතල් කරනවා.

" අම්මෝ මට හති "
මින්සෝ පාර්ක් එකක තිබ්බ බෙන්ච් එකකින් වාඩි වුනා.

" අනේ ශින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ "
තාමත් එහෙ මෙහෙ දුව දුව ඉන්න ශින්ට මින්සෝ කතාකලා.

" අයියෝ මින්සෝ එන්නකෝ  අපි ටිකක් සෙල්ලම් කරමුකෝ "

" සෙල්ලන් කරන්න ඔයා පොඩි ලමයෙක්ද ශින් ඔයා පස්සෙන් ඇවිත් මගේ කකුල් රිදෙනවා. "

" අය්යෝ ඔයා නම් වැඩක් නෑ "
ශින් ගස්සන් යන්න හදන කොට මින්සෝ එයාගෙ අතින් අල්ලා ලගින් වාඩි කරව ගත්තා.

" අනේ පොඩ්ඩො ටිකක් ඔහොම ඉන්නකෝ. "
මින්සෝ ශින්ගේ උරහිස වටා අත දලා ලගට ඇදලා ගත්තා. ටික වෙලාවකින් ශින් මින්සොට හෙත්තුවෙලා ඉන්නකොට නින්ද ගියා.

Wishes ☑️Where stories live. Discover now