කුටියෙහි වූ සදුන් ධූම සුගන්ධය කෙමින් කෙමින් අඩුව යනු මිධුනාථට දැනුන ද එය නැවත දැල්වීමට තරම් ඔහුට අවශ්‍යතාවයක් නොවී ය.
ඔහුගේ සිරුරට සාමාන්‍ය ශක්තිමත් භාවයක් ද දැනුණු මුත් සිය උරහිසින් දැනුණු වේදනාව හා ආහාර නොගැනීමෙන් ඇති වූ දුර්වල බව ද එලෙසම වග මිධුනාථ වටහා ගෙන සිටියේ ය. ඔහු තවමත් භෝජන දෙස වරක් හෝ නොබැලුවේ ය. ඔහු පිපාසයට පමණක් ජලය පානය කළේ ය. එහි වූ දෙළුම් බදුන ද මගහැරීමට තරම් ඔහුගේ සිත දැඩි විය .
ඔහු විටින් විට විවිධ ක්‍රියාවල නියැලුණේ ය. මෙවැනි අවස්ථාවල සිය මිත්‍ර සගයන් වූ හැකරැල්ලන්ගේ අඩුව ඔහුට දැඩිව දැනුණ ද ඔහු එය මගහැරියේ ය. ඔහු සයනයෙහි උඩු වියන්වල කැටයම් දෙස ද මොහොතක් බලා සිටියේ ය. අනතුරුව ඒවායෙහි ජ්‍යාමිතික කෝණයන් සිතින් ගැන්නේ ය.
තමා කුමක් කළ යුතුදැයි මිධුනාථ නොදැන සිටියේ ය. ඔහු තවමත් තීර්ථ මාළිගයේ සිරකරුවෙක් විය . සුග්‍රීව හෝ ථිත කුමක් සිදු කරනු ඇතිදැයි මිධුනාථ නොදැන සිටියේ ය. තමාට සම්පූර්ණයෙන්ම සුවවන දිනයක් ඔහු නොදැන සිටියේ ය. තමා මිය යාමට ඉඩ නොහැර සුලෝධජ මෙලෙස ප්‍රතිකාර කිරීමේ අරමුණ මිධුනාථ අනුමාන කළේ ය.
'' සක්වල මුද්‍රාව හා යතුර මිස තමුන්ගේ ගත හැකි අන් ප්‍රයෝජනයක් තිබේ ද ? ''
සුලෝධජ රෞද්‍රව විමසූ ආකාරය මිධුනාථට සිහිපත් විය. නිර්මිත පළදනාව ද තමා සතුව වග සුලෝධජ කෙසේ හෝ දැනගන්නට ඇති වග මිධුනාථ අනුමාන කළේ ය. ඔහුගේ සිතිවිලි සිස් විය. සියල්ල නැවතත් පෙර ලෙස තිබෙන දිනයක් පිළිබද ඔහුට සිතිය හෝ නොහැකි විය. ඔහුට කාලය පිටපසට ගැනීමට හැකි වූයේ නම් ඔහු කිසිදු පැකිළීමකින් තොරව එය සිදු කරන වග මිධුනාථ දැන සිටියේ ය. නමුත් අවාසනාවකට ඉකුත් සත් වසර වෙනස් කළ නොහැකි වෙනස්කම් රැසක් නිර්මාණය කර අවසන් විය .
සුලෝධජ සතුවූ රෞද්‍ර භාවය කිසිවෙකුටවත් සිමා සහිත වූවක් නොවී ය. ඔහු කුඩා දරුවන් ද , කාන්තාවන් ද සමගින් සමස්ත වෛශව අසපුවම දවාලීම මිධුනාථට තවමත් විශ්වාස කළ නොහැකි විය. මහමත ඝූරෂ , ජඨිල හා ගීම ප්‍රධාන ඝාතනයන් පමණක් වුව ද ඔහු අතින් මිය ගිය ගණන විශාල වග මිධුනාථ දැන සිටියේ ය. කුඩා අතපසු වීමටත් තීර්ථය තුළ දඩුවම මරණය පමණක් විය .
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...