21.

340 68 11
                                    

උදේ පාන්දර මමයි පාරුයි ඉස්කෝලෙ ගියේ හොද රෝමාන්තික කතා ටිකක් අහගන්න.

" ශින්හ්වා "

"පාරු ! ඔහොම කෑගහන්න එපා වස්සාපැටියෝ " මගේ කන කූන් ගානවා.

" හරි හරි "

" මොකද කතා කලේ " ශින් අපි ලගින් වාඩි වුනා.

" විස්තර කියන්න "

" මොන "

" ඔයාලගේ ගමනේ "

" අපි කෑවා "

" මොනාද "

" දකින දකින රෙස්ටුරන්ට් එකෙන් "

" ඊටපස්සේ "

" එයා කෑවා "

" මොනාද "

" අපේ පලවෙනි ගමන "

" පුතා මට ඒක පැහැදිලි මදි "
මම කන්නඩි දෙක ගලවලා පිහිදගෙන ආයේ දාගත්තා. ඊටපස්සේ තියටර් එකේ වෙච්ච සම්පූර්න සිද්දියම මම අකුරක් නෑර අහන් හිටියා.

" ආ............. එතකොට අයියා මලෝ තරහද? " ඒ පාරූ

" හ්ම්, ඊටපස්සේ මින්සෝ කඩාගෙන බිදගෙන ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවා, ටැක්සියකට කතා කලා, මාව දැම්මා, එව්වා.  "

අයියෝ වැඩේ අල වෙලානේ, දැන් තවත් ප්‍රශ්නයක් මේකට මොකද කරන්නේ මගේ ඔලුව ඇතුල පිස්සු වගේ නොදැනීම මගේ අත ගියේ බෙල්ලේ එල්ලිලා තියන මාලෙට මං ඒක ඇගිලි වලින් පිරිමදින්න උනා. මං කලබල උනාම ඒහෙම කරනවා. මොකද මේ මාලේ මගේ බෙල්ලට දැම්මේ මගේ අම්මා.

ඔය අතරේ අපේ පංතිය ඉස්සරහින් කවුදෝ මන්දා සක්මන් කරනවා. කවුදෝ මන්දා නෙමේ ඒ මින්සෝ.

" ඒ අර මින්සෝ නේද "

" ඔව් ඔව් එයා තමා "

" බලන්න එපා ඒ වදුරු පැටියා දිහා "ශින් කෑගහන්න ගත්තා.

" යන්න ගිහින් කතා කරන්න "

" කිශූ උබට පිස්සුද "

අය්යෝ වැඩේ සෙට් වෙන්න කලින්ම අවුල් වුනානේ කොහෙද මුගේ ආඩම්බරනේ මුට මේ ආත්මෙත් හලා හල ටිකක් බොන්න දෙන්න ඕන. මැරිලා වැටෙන්න.

කැරකි කැරකි ඉදල එකපාරටම මින්සෝ අපේ පංතිය ඇතුලට ආවා. ළමයි ඔක්කොම කට ඇරන් එයා දිහා බලන් ඉදියා.

Wishes ☑️Where stories live. Discover now