අග්නි 65

1.7K 379 222
                                    

හිරු එළිය කවුළු අතරින් කුටිය තුළට වැටෙනු මිධුනාථ බලා සිටියේ ය. සිය උරහිස අසළ වූ වේදනාව තරමක් සමනය වී ඇති වග දැනීම මිධුනාථට සහනයක් විය .

ඔහු ඉක්මනින්ම සිය අසිපත සුරතට ගනිමින් නැගී සිටියේ ය. සුලෝධජ හෝ කවරෙකු නැවත කුටියට පැමිණීමට පෙර මින් කෙසේ හෝ පලා යාම මිධුනාථට ඇවැසි වූ එකම දෙය විය .

ඔහු කැටපෝලයත් , අසිපතත් කලබලයෙන් සිය වලස් සම් සහිත බෑගයට එබුවේ ය. සිය සම් පා වහන් යුගල සොයාගැනීමට නොහැකි වූ බැවින් එය අතහැර දැමීමට මිධුනාථ තීරණය කළේ ය. ඔහු කලබලයෙන් කවුළුව දෙසට සිය දෑස් යොමු කළේ ය.

ඔහු ඉක්මනින් කවුළුව දෙසට දිව ගිය ද ඔහුගේ ගෙල අසලට එල්ල  වූ රසදිය කේශික නළය සහිත අසිපත ඔහු වළක්වා දැමුවේ ය. ඔහු පළමු බැල්මෙන්ම අසිපතෙහි අයිතිකරු හැදින්නේ ය.

'' බැහැරක් වගෙයි ? '' සුලෝධජගේ උපහාසාත්මක හඩ සමගින් ඔහුගේ රසදිය කේශික නළය සහිත දෙපසම කැපෙන සුළු අසිපත සිය ගෙලට තර වනු ද මිධුනාථට දැනුණි . සුලෝධජගේ දෑස් රෞද්‍ර ලෙස රත් පැහැ ගැන්වූ තිබූ ආකාරය ද මිධුනාථ නිරීක්ෂණය කළේ ය. ඔහු පෙරදින රාත්‍රියේ අවදිව සිටි වග පැවසීමට ඔහුට දෙවරක් සිතීමට අවශ්‍ය නොවී ය.

මිධුනාථ පියවරක් පසෙකට විය . ඔහු සිය ආයුධ සියල්ල වලස් සම් සහිත බෑගයට ඔබා තිබූ බැවින් ඔහුට පහර දීමට ද ආකාරයක් නොවී ය.

'' ඉවත් වනවා !! '' මිධුනාථ රෞද්‍රව පැවසුවේ ය.

'' චහ්.. තමුන්ට යාමට දීමට ??? '' සුලෝධජ උපාසයෙන් විමසුවේ සිය අසිපත තවත් මිධුනාථගේ ගෙලට තද කරමිනි . ඔහු තවත් මදක් හෝ අසිපත ළං කළහොත් සිය ගෙල කැපී යන වග මිධුනාථ වටහා ගත්තේ ය.

'' තමුන්ට කුමක් ද අවශ්‍ය !! කුමක් ද මෙලෙස සිර කිරීමෙන් තමුන් බලාපොරොත්තු වන්නේ ! මා එය විවර කරන්නේ නැහැ !!! '' මිධුනාථ රෞද්‍ර ලෙස පැවසුවේ ය. සුලෝධජගේ මුහුණෙහි උපහාසාත්මක සිනහාවක් පහළ වූ අතර ඔහු සිය අසිපත ඉවතට ගෙන කොපුව තුළට දමා ගත්තේ ඉවසීමෙනි .

'' තමුන් උමතුවෙන් ද ? තීර්ථයේ සිරගත කිරීම මෙතරම් සරලයි කියා සිතුව ද ? '' සුලෝධජ රෞද්‍රව විමසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now