22.

319 73 5
                                    

" මේ කෝ ශින් "
පාරු මගෙන් එහෙම අහනකොට දෙන්න තරන් උත්තරයක් මට තිබුනේ නෑ. ඒ නිසා මම උරහිස් හකුලලා දන්නෑ කියලා කිව්වා. මින්සෝත් එක්ක ශින් ගිහින් දැන් හුගක් වෙලා. දැන් ඉස්කෝලේ ඇරෙන්නත් ලගයි.

" කිශූ "

" මින්සෝ කොහෙද ශින් "

" තාම ආවේ නැද්ද එයා "

" නෑ "
මින්සෝ නැවත හැරීලා දුවන්න ගත්තා.

" කිශූ අපිත් යමු ශින්ට කරදරයක්ද දන්නෑ "

" නෑ අපි යන්නෑ " මං පාරුගේ අත අල්ලගත්තා.

" ඇයි "

" එහෙම කරන්න අවශ්‍ය වෙන්නෑ ,පෙන්නැද්ද දැන් බෙල් එක ගහනවා "

" ඒත් මින්සෝ හිටියේ කලබලෙන්, ශින්ට කරදරයක්ද දන්නෙනෑ "

" මින්සෝ එයා ලගින් ඉදි. අපි යමූ. "

" කිශූ මටනම් ඔයාව තේරුන් ගන්න බෑ "

මම මුකුත් කියන්නේ නැතුව පංතියෙන් එලියට ආවා. පාරුත් මගේ පස්සෙන් එනවා මට තෙරුනා. කවුරුත් මාව තෙරුන් ගන්න ඕන නෑ.

" අපි යං "
මමයි පාරුයි හොස්ටල් එකට ආවා.

ඔය අතරේ මින්සෝ පිස්සුවෙන් වගේ ශින්ව හොයනවා.

තව කෙනෙක් පිස්සුවෙන් වගේ සිගරට් හොයනවා. යුන්සෝ මුලුදවස පුරාම ටෑන්ගේ ලගමයි. පොඩ්ඩක් වත් එහෙ මෙහෙ වුනේ නෑ. එයා දන්නවා ටෑන් කොච්චර සිගරට් වලට ඇබ්බැහි වෙලාද කියලා යුන්සෝට ඕනවුනේ ටෑන්ගේ ඇබ්බැහිකම නතර කරන්න.

ඉස්කෝලේ බෙල් එක ගහපු ගමන් ටෑන් දිව්වේ වොශෲම් එකට.

ඊටපස්සේ ඉක්මනට දොරවහගත්තා. හංගලා තියාගත්තු සිගරට් එකක් අරන් පත්තු කලා.

" ටොක් ටොක් ටොක් "

" ටෑන් අරිනවා මේ දොර "

අයියෝ මෙයා කොහොමද දැනගත්තේ
"හරි හරි, මං එන්නම් පෞද්ගලික වැඩක් කරන්න දෙන්නැද්ද ?"

" අරිනවා "

" බෑ, සූ බරයි "

" ඇයි ඔයා මකරෙක්ද සූ කරන කොට දුම් යන්න "

" අයියෝ "
ටෑන් සිගරට් එකේ දුමට අතින් ගසන්න වුනා. ඊටපස්සේ සිගරට් එක කොමඩ් එකට දාලා දොර ඇරියා.
දොර ඇරපු ගමන් යුන්සෝ ටෑන්ව ඇදලා අරන් බිත්තියට තද කලා.

Wishes ☑️Where stories live. Discover now