අග්නි 70

1.6K 347 164
                                    

'' පියාණෙනි... මේ.. කොහි ද යන්නේ? අඥාන ස්ලෝධජ කෝපගනිවී... '' ශාලී පැවසුව ද ගමනට ඇයගේ වූ උද්යෝගය ඇයගේ ස්වරයෙහි කැටිව තිබෙනු දුටු මිධුනාථ ඇය දෙස මෘදුව බැල්මක් හෙළුවේ ය.

මිධුනාථ මාළිගයේ පිවිසුම් ද්වාරය අසළ මුර කළ සෙබළුන් සියලු දෙනා සාර්ථකව මගහැරියේ ය. සීහශාලීගේ කුඩා හස්තය ද ඔහු එක් හස්තයකින් අල්ලාගෙන සිටියේ ය.

'' අප පිටතට යනවා ද ? '' සීහශාලී එවර සතුටින් විමසුවා ය.

'' නැහැ.. '' මිධුනාථ ඇයට දැඩිව පිළිතුරු ලබා දුන්නේ ඇය දෙතොල් උල්කරමින් නිහඩවෙද්දීයි.

'' ඔබ පිටතට යන්නේ නැහැ.. මා පිටතට යනවා.. '' මිධුනාථ නැවතත් පැවසුවේ ය.

'' හැහ් ? අසාධාරණයි පියාණෙනි.. අප දෙදෙනාම යමු.. මා අඥාන ලජතුමාට පවසන්නේ නැහැ.. ෂ් ෂ්....  '' සීහශාලී පැවසුවේ සිය කුඩා දබරගිල්ලෙන් මුව වසාගනිමිනි .

'' නොහැකියි... '' මිධුනාථ රෞද්‍රව පැවසුවේ ය.

'' නොහැකියි ??? ''' සීහශාලී නැවතත් විමසුවා ය. මිධුනාථ පිළිතුරු ලබා නුදුන්නේ ය.

'' සෙබළුනිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ - .... මෙන්න පලායනූ.......... ඔහුව අල්ලාගන්න........ දුෂ්ඨ සිලා පර්වතයක්... ප්ල-- ම්හ් ම්ම්හ්.. ම්හ්..  '' සීහශාලී සමස්ත උද්‍යානයම දෙවනත් වන සේ කෑගැසූ අතර මිධුනාථගේ ඇයගේ මුව සිය හස්තයෙන් වැසුවේ ය.

සීහශාලී සිය හස්තය සපා කනු ඇතැයි මිධුනාථ වරක් හෝ නොසිතුවේ ය. ඇයට එවැනි පුරුදු හුරු කිරීම පිළිබද ඔහු අලස බඩ තඩි කළු දිවියා වෙත සිතින් බැනවැදුණේ ය.

කෙසේ නමුත් ඇයගේ කෑගැසීම හේතුවෙන් සියලු දෙනාගේ අවධානය එදෙසට යොමු වූ වග වටහා ගත් මිධුනාථ මාළිගයෙන් පිටතට යාමේ අදහස අතහැරදැමුවේ ය. ඔහුට හුදෙක් සුග්‍රීව මුණ ගැසී සිදුවන දේ දැනගැනීමට අවැසි විය .

'' සීහශාලී කුමරියනි.. ඔබතුමියට ගැටලුවක් නොවේනේ ? '' සෙබළු ප්‍රධානියා තමා දෙස රෞද්‍ර බැල්මක් හෙළා පවසනු මිධුනාථ උපහාසයෙන් මෙන් බලා සිටියේ ය. ඔහු සිය අසිපත කෝපයෙන් පිටතට ගැනීමට සැරසුණ ද මෙහි ඔහුට කෝපගැනීමට තරම් හේතුවක් නොවූ වග සිහිපත් වීමෙන් මදක් පසු බැස්සේ ය. ඔහුට කෝපගැනීමට හේතුවක් ද අවැසි නොවී ය.

♛ අග්නි ♛Where stories live. Discover now