අග්නි 73

1.7K 361 246
                                    

මිධුනාථ සෙමින් සිය දෑස් විවර කළේ ය. එය ඔහු ධ්‍යාන වැඩීමේ දී සිදු කරනවාක් මෙන් පහසු නොවූ අතර සිය දෑස්පියන් බරව ඇති සෙයක් ද අලසකම තමා වෙලාගෙන ඇති සෙයක් ද මිධුනාථට දැනුණි . ඔහුගේ හිස සුවපහසු යමක් මත වූ වග ද මිධුනාථ වටහා ගත්තේ ය. 

ඔහුගේ දෑසට හසුවූ ප්‍රථම දෙය නම් තමා දෙසට තවමත් එල්ල වී අැති සුලෝධජගේ විශාල දෑස් විය . ඔහුගේ රළු අත්ලෙහි දෑගිලි මගින් ඔහු සිය හිස කෙස් අතරින් දෑගිලි යවා හිස මෘදුව පිරිමදිනු මිධුනාථට දැනුණි . යළිත් අලසකම ඔහුව වෙළාගත් අතර ඔහුට දෑස් පියාගෙන නිදහසේ සැතපීමට ඇවැසි විය .

'' සැතපීමට !! '' මිධුනාථ එවර වටහා ගත්තේ ය.  තමා සැතපුණු වග මිධුනාථට විශ්වාස කිරීමට අපහසු විය . ඔහු එවර සුලෝධජ වෙත ඍජු බැල්මක් හෙළුවේ ය. ඔහු දෙවරක් තරමක කම්පනයෙන් දෑස් පිය ද සැලුවේ ය.

'' අවදි වූවා ද අලස ඉස්ගෙඩියා ? .'' සුලෝධජ මෘදුව විමසුවේ ය.

'' මා සැතපුණා ද ? '' මිධුනාථ පහව නොගිය විස්මයෙන් විමසුවේ ය.

'' නැතිනම් දැන් කුමක් ද ඔබ සිදු කරන්නේ මගේ උකුල මත ??? '' සුලෝධජ උපහාසයෙන් විමසුවේ ය. මිධුනාථ නැගී සිටියේ නැත. ඔහුට සුලෝධජගේ උකුල මතින් නැගී සිටිමට කිසිදු අවශ්‍යතාවයක් නොවී ය. ඔහුට එහි සුවපහසුවම නින්ද ළගා කරන්නට ඇති වග මිධුනාථ දැන සිටියේ ය.

ඔහු මෙලෙසම කුඩා කළ සුලෝධජගේ උකුල මත හිස තබා සැතපුණු ආකාරය මිධුනාථගේ සිහියෙහි විය . මිධුනාථ මදක් සන්සුන්ව තමා කුඩා කළ සිටි අාකාරයෙන්ම සිය දෙපා ද වකුටු කර සුලෝධජ වැළදගෙන දෑස් ද නැවතත් පියා ගත්තේ ය. ඔහුට තත්පර කිහිපයකට හෝ යළි කුඩා නාථ වීමට අවශ්‍ය බොළද සිතිවිල්ලක් පහළ විය .

මිධුනාථ සුලෝධජගේ ඉණවටා දෑත් ද යවා කුඩා දරුවෙක් සේ ඔහුව වැළදගෙන නිදහසේ දෑස් ද තදින් පියාගත්තේ දිගු නින්දක් අපේක්ෂාවෙනි. නමුත් සුලෝධජ ඔහුගේ පසුපස ප්‍රදේශයට දැඩිව අත්ලෙන් පහරක් එල්ල කළේ මිධුනාථගේ සිහින සියල්ල බිද දමමිනි.

'' නැගී සිටිනවා.. පුදුම අලසයෙක්.. කිසි දිනෙක සැතපී නැහැ වගේ.. '' සුලෝධජ නොරිස්සීමෙන් පැවසුවේ ය. මිධුනාථ එවර සුලෝධජ වෙත රවමින් නැගී සිටියේ ය. තමා මනස පුහුණු කිරීම ආරම්භ කළ පසු නිදා නොගත් වග පැවසුව අඥාන සුලෝධජ එය කිසිදු විටෙක විශ්වාස නොකරන වග දැනුවත් බැවින් මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now