_ ඇඹුල් දොඩමක් කතා කරයි _

1.6K 119 6
                                    

ඇඹුල් දොඩමක් කතා කරයි .

රෞද්‍ර දෑසක් මා සොයා පැමිණියා..
මා සොයාගත් පසු ඔහු සැනසුනා..
මා ඔහුගේ හස්තයට ගත්තා...

ඔහුගේ හස්තයේ සිට ඔබේ හස්තයට පැමිණියෙමි මා..
ඔබ දන්නවාද ඔහු මට රහසක් මිමිණුවා..
වල ගැසෙන කොපුල්වල කිමිදීමට ඇවැසි වග පැවසුවා...
ඔබේ දෑස් දිලිසෙනවා , නොව දිලිසවන වග මිමිණුවා.. .

ඔහු මා ඔබට දුන්නේ , ඔබව සැනසීමට නොදත් නිසා යැයි ඔබට නොවැටහේවි යැයි ඔහු පැතුවා..
'' හැඩීමට අවශ්‍ය නම් මා වෙතට පැමිණෙන්න '' වදනින් නොපැවසුවත් ඔහුගේ හදවත කෑගසා පැවසුවා..
'' අඥානයා '' වනාහී ඔහුගේ '' පෙම්වත '' වදන වූවා..
ඔබේ කැටපෝලය තුරුළු කොට , මැදියම් රෑ නිදි වැරුවා..

ඔහුගේ හස්තය හිරු වැටෙන තුරු ඔබගේ හිස තබා ගැනීමට ඉඩ දුන්නා..
උස් තැන්වලට බිය වුවත් ඔබ වැටෙයි කියා බියෙන් ගස මතට නැගුනා..
ඔහු ඉදහිට පවසන නපුරු වදන් පිළිබද හැකරැල්ලන් වෙත දුක කීවා...
තවමත්...

ඔබට ඔහුව සිහිපත් වන තුරු ඔහු නිහඩව බලා සිටිනවා....
එතෙක් , මම ඔබගේ අතට පැමිණ ඔබ සනසන්නම්....

මා, ඔහුගේ අතේ එක් ඇඹුල් දොඩමක්...

Bulbz_D

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now