සොයනවා.

381 78 12
                                    

පාළුවට ගිය ගල් තලා අප දෙදෙන සොයනවා
නිදිබර වු සඳ කුමරි ඔබ කොහෙද අහනවා
මුදු සුමුදු ඕලු මල් ඔබෙ පහස ගෙනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවා

පිපී ඇති රතු නෙළුම් පවන සමගින් හමනවා
ඇට්ටේරිය මලින් මට ඔබෙ සුවඳ දැනෙනවා
ඇඹුල් දොඩමේ රසින් ඔබෙ සෙනෙහෙ දැනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවා

හමන මඳ පවනේ මම ඔබේ තතු අහනවා
සඳ කුමරි සමඟ මම ඔබේ හිත කියනවා
නා මලින් වැසි උයනෙ මට පාළු දැනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවා

.. Annabeth_Jayaweera❣️

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now