අග්නි 74

1.6K 345 358
                                    

ඔවුහු උමග ඔස්සේ ගමන් කර තරමක් ඉඩකඩ සහිත ස්ථානයක් වෙත පැමිණියෝ ය. භාසුර හා ධීර දෙදෙනාම එහි මදකට ගිමන් හැරීමට නැවතුණු ආකාරය දුටු සුලෝධජ ද මදක් සිය හස්තය නිදහස් කර අසළ වූ කුඩා ගල් කුලක් මත ගමින් අසුන් ගත්තේ ය.

මිධුනාථ ඔවුන් සිටි ස්ථානය ඔස්සේ දෑස් ගෙන ගියේ ය. භූගතව පිහිටිය ද එතැනට එතරම් ශ්වසන වාතය ලැබීමට මෙය කොහි හෝ ස්ථානයකින් පිටතට නිරාවරණය වන වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහුට එහි කිසියම් හුරුවක් දැනුන ද කුමක් දැයි වටහා ගත නොහැකි විය .

'' භාසුර ඔබ සුවෙන්..  '' සුලෝධජ සතුටින් පවසා භාසුර වැළදාගන්නා ආකාරය මිධුනාථ දෑස් ද සිහින් කර බලා සිටියේ ය. ඔහු එවර භාසුර වෙත රැව්වේ ය. සුලෝධජ තත්පර තිහක් පමණම භාසුර වැළදගැනීම මිධුනාථ නොරිස්සුමට පත් කළේ ය. තවත් තත්පර දහයකින් සුලෝධජ ඉවත් විය යුතුවග ඔහු තමාටම අණ කර ගත්තේ ය.

අවසානයේ සුලෝධජ මදකට ඉවත් විය. සියල්ල අවසානය යැයි මිධුනාථ සිතා සිටිය ද ඔහුගේ බලාපොරොත්තු බිදී ගියේ සුලෝධජ ධීර වෙත ද පැන ඔහුගේ හස්තය අල්ලා උරෙනුර ගැටෙද්දී යි. තමා සුළු මොහොතක් තුල වද වූ සතත්ව විශේෂයක් ගණනට වැටුණු ආකාර මිධුනාථ නොරිස්සුවේ ය.

ඔහු එවර රවමින්ම අනෙක් පස බලාගත්තේ ය. ගුහා බිත්තිවල ඇද තිබූ සිතුවම් මිධුනාථගේ දෑසට හසු විය . ඔහු දෑස් සිහින් කර එදෙසට බැල්මක් හෙළා සිය දෑගිලි එකී කැටයම් ඔස්සේ රැගෙන ගියේ ය. ඒවා අවිවාදයෙන් අලංකෘත වූ අතර මිධුනාථ ඉවසීමෙන් කැටයමින් කැටයම ස්පර්ශ කරමින් සිය දෑගිලි රැගෙන ගියේ ය. එහි ස්වස්ථික සලකුණ සහිත කැටයමක් වූ අතර එවර මිධුනාථ ක්ෂණිකයෙන් අනිච්ඡානුගව දෑස් ගුහාවේ ඉහළ බිත්තිය වෙත යොමු කළේ දැඩි කලබලයෙනි .

ගුහාව ඇතුළත අදුරු වුව ද තමාට සිය විශ්ව ශක්තිය පූර්ණ වශයෙන් දැනීමට හේතුව මිධුනාථ වටහා ගත්තේ ය. අඩි හයක පමණ විෂ්කම්භයකින් යුතු වූ ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සකස් වූ සුපුරුදු ශිලා කැටයම් මෘද්‍රාව මිධුනාථ හැදින්නේ ය. ඇතුළත වෘත්තය හා පිටත වෘත්තය වටා වූ , මත්ස්‍යයින් , හක් බෙල්ලන් , මුහුදු අශ්වයන් , ඉදිබුවන් , කකුළුවන් වැනි සතත්ව කැටයම් ද එය වටා වූ ස්වස්ථික කැටයම් ද එය තමා සිතන ස්ථානයම වග ඔහුට සපථ කළේ ය. මධ්‍යයෙහි වූ එකිනෙකක් තුළ පිහිටි රවුම් සත ද මිධුනාථ හොදින්ම දැන සිටියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now