අග්නි 75

1.7K 367 455
                                    

'' තමුන් බලා සිටිනවා... එපමණක් නොව... ''

භාසුර තවත් කිසිවක් පැවසීමට පෙර ඔහුගේ පපුව හරහා අසිපතක් කිදා බසිනු මිධුනාථ දුටුවේ ය. භාසුරගේ මුහුණ වේදනාවෙන් ඇලලී ගිය අතර ඔහු නළල ද රැලි ගන්වමින් එදෙසට දෑස් යොමු කළේ ය. ධීර අනුකම්පා විරහිතව සිය අසිපත භාසුරගේ සිරුරෙන් පිටතට ඇද්දේ ය. භාසුර අඩපණව දණින් වැටෙනු බලා සිටි ධීර ඔහුගේ හස්තයෙහි වූ පළදනාව ද උදුරාගත්තේ ය.

''ධීර !! '' සුලෝධජගේ සතුටට පත් හඩ මිධුනාථට ඇසුණි .

භාසුරගේ මුහුණෙහි , වේදනාව රැවටීම ,  බලාපොරොත්තු බිදීම සියල්ල කැටිවූ බැල්මක් වූ අතර ඔහු උමතුවෙන් මෙන් පළදනාව දෙසට දෑත් යොමු කළේ ය. ඔහුගේ මුවින් ද රැධිරය ගලා ආ අතර ධීර සිය රුධිරය සහිත අසිපත අනුකම්පා විරහිතව ඉවතට ඇද තිබුණේ ය. භාසුර මිනිත්තු කිහිපයකින් සම්පූර්ණව නිහඩව ගොස් තිබුණේ ගුහාවෙහි සිටි සියලු දෙනා වික්ෂිප්ත කරමිනි .

නමුත් මිධුනාථ තවමත් දෑස් සිහින් කරගෙන ධීර දෙස බලා සිටියේ ය. භාසුර ද සුලෝධජගේ විශ්වාසය කඩ කළේ නම් ධීර එසේ නොකළාවි යැයි මිධුනාථට පැවසිය නොහැකි විය . ඇරැත් ධීර , භාසුර ඝාතනය කළ අවස්ථාවේ කිසිදු සෙබළෙකු ධීර වෙත විරුද්ධ නොවීම මිධුනාථ කම්පනයට පත් කළේ ය. සුලෝධජ සතුටින් ධීර දෙස බලා සිටිය ද ධීර සුලෝධජ අසළට ළගාවීම ද මිධුනාථ කලබලයට පත් කළේ ය.

'' ධීර.. මා ලිහා දමන්න ඉක්මනින්. '' සුලෝධජ පැවසුවේ ධීර දෙස බලමිනි . නමුත් ධීර ඉවසීමෙන් සුලෝධජ ඉදියේ දණගසා ගනු මිධුනාථ දුටුවේ ය.

'' දැන් කිම ද මා එලෙස සිදු කළ යුතු ? '' ධීරගේ උපහාසාත්මක හඩ සමස්ත ගුහාව පුරා විසිරී ගියේ ය.

'' ආහ් ? '' සුලෝධජගේ මුහුණෙහි වූ ජයග්‍රාහි සිනහව වියැකී ගියේ ය. දෙවනවරට ද තමා තැබූ විශ්වාසය කඩ වීමෙන් ඔහුගේ මුහුණෙහි ඇති වූ වේදනාත්මක බව මිධුනාථ හොදින්ම හැදින්නේ ය.

'' ධීර.... ඔබ... නැහැ.. ඔබත් ?? ධීර..... '' සුලෝධජ තවත් කිසිවක් පැවසීමට පෙර ධීරගේ අතුල් පහර සුලෝධජගේ කම්මුල් රත් කරමින් විනිවිද ගිය අතර සුලෝධජ එවර කිසිවක් නොපැවසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now