මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]

347 81 46
                                    

ඔන්න අහන්න ආසයි කිව නිසා ආවා..

මිධුනාථ කරපු කුප්ප වැඩ...

POINT 1

මුලින්ම අපි එමු එයා අවුරුදු 10කට පස්සේ මුලින්ම අග්නිව හම්බුන තැනට.. අර මානසික ප්‍රහාරයක් එල්ල කරලා මරන්න ගියේ.. ආන්න එදා.. තාලි නාවපු අශ්ව වසුරුවලින් සුලෝධජ නෑවිලා ඉදියේ.. ඒ මදිවට මිධුනාථ මහීධව පුහුණු කරලා එනගමන් දාඩිය නාගෙන , සටන් ඇදුමින්.. අග්නි ඇවිල්ලා ඇගේ හැප්පිලා එයාගේ ඇදුම්වලත් අශ්ව වසුරු

[ රොමෑන්ටික් හමුව නැත් ද ළමයි ]

ඉතින් අග්නිව බේරුවට පස්සේ , අග්නි යනවා එයා හොයාගත්ත පොකුණකට ... [ එයා හිතාගෙන ඉන්නේ කැලෑව මැද තිබුණ ඒ පොකුණ දන්නේ එයා විතරයි කියලා.. පව් අසරණයා ]

කොහොමහරි ඔය පොකුණ ගැන දැනගෙන ඉදපු තව කෙනෙක් ඉදියා.. එයාගෙත් සළුවල අශ්ව වසුරු ගෑවුන නිසා එයාට ස්නානය කරන්න ඕන වෙලා තිබ්බේ.. කොහොමහරි එයා පොකුණ ගාවට එනකොට එයාට ඉඩ නෑලු... මන්ද යත්.. සුන්දර තරුණයෙක් පොකුණේ තනියම විකාර කරනවාලු.. [ මිද්දා කොන්ෆියුස් ]

මොනා උනත් , කොල්ලට ඒ දවස්වල උනන්දුවක් තිබ්බේ නෑලු මුකුත් බලන්න.. ගස්සලා පුප්පලා රවා ගෙන ආවා මිසක්. කොහේවත් නැති තියුණු උනන්දුව ආවේ කොල්ලා සුලෝධජ කියලා දැනගත්තට පස්සේ තමා..

POINT 2

* අර නුරුපුර යනකොට මිධුනාථ හරියටම දැනගෙන ඉදියේ නැහැ ඉතින් සුලෝධජමයි කියලා. එයා තහවුරු කරගන්න තමා අසිපත එළියට අදින්නේ..

අග්නි දුවගෙන දුවගෙන ඉන්න කලින් මිධුනාථ අසිපත පිටට ඇදලා බලලා ඉවර වෙලා , ඒක කොපුවට දාලාත් ඉවරයි..

* එතකොට අර මිගාර ඇඹුල් දොඩම් ගෙඩි දෙකක් ගෙනත් දුන්නා මතක ද ? ඒ සිද්ධිය උන විදිය අහන්න ආස ද ?

ඔන්න අග්නි මුළුතැන්ගෙට ගියාට පස්සේ , මිද්දා , එයාගේ ගමන් මල්ල මිගාරට දීපු එකේ තරහාට ගස්සගෙන පුප්පගෙන ඇතුළට ගියාට සුලෝ හරියට කෑවේ නැති නිසා කෑවේ නැහැලු...

සුග්‍රීවලා ඇහුවලු කන්නේ නැත් ද කියලා.. එයා රවලා ගස්සලා නිකන් ඉදියාලු..
පස්සේ අතුරුපසට තිබුණලු ඇඹුල් දොඩම් වගයක්... මෙච්චර වෙලා නොකා ඉදපු මනුස්සයා එකපාරටම ඇඹුල් දොඩම් ගෙඩිය අතට ගත්තලු මොකා ද වගේ...

ඊට පස්සේ මිධුනාථ ඇඹුල් දොඩම්වලට ආස ඇති කියලා මිගාර හිතලා , එයා එයාගේ ඇඹුල් දොඩම් ගෙඩියත් මිධුනාථට දෙනවාලු...

ඒ පාර මිද්දා ඩෝං ගියපු පාර , ඇඹුල් දොඩම් ගෙඩි දෙකම මිගාරගේ අතට දීලා කියනවාලු මේක ගිහින් දෙනවා තමුන්ගේ මහලොකු අලුත් යාළුවට කියලා.. මිද්දාගේ රැවිල්ලට බය උන පාර මිගාර ඒ දෙකත් අරගෙන මුකුත් අහන්නෙම නැතුව ගිහින් අග්නිට දෙනවා..

ඔන්න ඔහොම තමා අග්නිට එදා ඇඹුල් දොඩම් ලැබුනේ.. එයා හොදට ඇඹුල් දොඩම් කෑවාට මිද්දා මුකුත් කටේ තිබ්බේවත් නෑ සුලෝධජට කෑමක් නැති නිසා..

කොහොමහරි මිගාර ඒක සුලෝධජට දුන්න ද කියලා මිධුනාථට ෂුවර් කරගන්න ඕන වෙලා තමා අර පිටි පස්සට එන්නේ... පස්සේ එයා ඇඹුල් දොඩම් කනවා දැකලා ඇහිබැම උඩයවන්නෙත් ඒකයි..

POINT 3

* අර මනෝකාය කිස් එකෙන් පස්සේ අග්නි සතියක් යනකම් මිද්දට මුහුණ දෙන්න බැරුව ඉදියානේ මතකදෝ..

* ඔය කාලේ මිද්දාට සාංකාව වගේ හැදිලා , එයා කවදාවත් නැතුව එනවා මහීධ එක්ක ඛාදී දේවිය බලන්න. [ ඛාදී දේවියගේ ස්තාලයේ කව් ද  අදුරන කෙනෙක් ඉන්නවලු අපේ මිද්දා ]

* ඒ වුනාට වැඩක් නැහැ... සුලෝධජ දකින්නවත් ලැබුණේ නැහැලු.. අසරණ කොල්ලා..

POINT 4 -

අර ඇඹුල් දොඩම් කටු ඇනුන සීන් එක...

මිද්දා සුලෝධජට ඇඹුල් දොඩම් හොයන්න ගියපු වෙලාවක , ඕකේ තියන කට්ටක් ඇන ගන්නවා අතේ.. විසට දවස් දෙකක් විතර යනකම් සුග්‍රීව දීපු තිත්ත කසාය බොන්න වෙනවා අසරණයට.........

.
.
.
.
.
.
.
.
මේවා කිව්වම ගතියක් නෑද්ද මන්දා..

ඊලග චරිතේ අදුර ගමු ?

කාව ද ඕන ????

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now