Character - සුග්‍රීව

312 65 54
                                    

_ සුග්‍රීව _

වයස - 28 [ තරගාවලිය පැවැත්වෙන විට]

වංශය - මුනි

මුනි කුලය - වෛශව මුනි කුලය

පියාණන් - ම්‍යාන මුනි

මෑණියන් - ලීලානී දේවිය [ ම්‍යාන මුනිගේ උප බිරිදක් ]

සහොදර/ සහෝදරියන් -

[ සුග්‍රීව වැඩිමල්ම ම්‍යාන මුනි පුත්‍රයා ]

* භීෂ , මිධුනාථ , හේෂරාභ , මිගාර , විනු and etc .

* වයාමදී කුමරිය
* චාලිදාථා කුමරිය

දෙදෙනාම බාලසහෝදරියන්..

සහකරු - ථිත [ වෛශව අසපුවේ මුනි පුත්‍රයෙක් ]

ප්‍රියතාවයන් - සාහිත්‍ය , සිතුවම් , සරොදය , උත්පල පැහැය ,

අධ්‍යාපනය -

* ප්‍රාථමික අධ්‍යාපනය වයස අවු 5 සිට ම්‍යාන මුනි ආසන්නයේ..

දක්ෂතා -

* අසිපත , ධනුර්ධය තියුණු ලෙස ප්‍රගුණ කරලා..

* සරෝදය වාදනය

* සාහිත්‍ය පුස්තක , කාව්‍යකරණය ..

* වෙද ශිල්පය මූලික දැනුම..

ධනුර්ධය - සුග්‍රීවගේ අසිපත එච්චර විශේෂ නැහැ ඒත් දුන්න හරිම ලස්සනයි එයාගේ.. ඒක පසුකාලීනව හදපු ලස්සන දුන්නක් ,
නම දුන්නේ - '' තෙලිතුඩ ''

පෙනුම -

[ හුස්මක් ගත්තා... ] තවත් එකක් ගත්තා..

* දරාගන්න බැරි තරම් සෞම්‍යයි..

* කොච්චර කෝපගන්න දේවල් උනත් නිවිලා ඉන්නේ.. [ එක්කෙනෙක් එක්ක ඇරුනම ]

* සියුමැලි , සෞම්‍ය පෙනුමක් තිබ්බට සුග්‍රීව පොඩ්ඩක්වත් සියුමැලි නම් නැහැ.. දෙතොල් ලස්සනයි නා දළු වගේ පාටක් තියෙන්නේ.. කෙලින් ටිකක් දිග කෝණ්ඩයක් තිබුනා පිට මැදට නිදහසේ ලස්සනට වැටෙන විදියේ.. හරිම අකීකරුයි කෝණ්ඩේ.. ඒ කිව්වේ අවුල් වෙන සුළුයි කියන එක නෙවේ අර බර ගතියට  ඇදගෙන වැටෙන කොණ්ඩයක්... වතුරෙන් තෙමුණ ගමන් ඉතින් කොණ්ඩේ ලිහිලා වැටෙනවා.. 

* ඇහිබැම ඝන නැහැ.. ම්‍යාන මුනිගේ පුත්‍රයොන්ගෙන් ගොඩක් අය ඇහි බැම ඝනයි.. ඒත් සුග්‍රීවගේ සාමාන්‍යයි.. ඒක නිසා තමා එයාට තරහා යන්නේ නැත්තේ කියලා සුග්‍රීව හිතාගෙන ඉන්නේ..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now