16

2.6K 426 233
                                    

කෝමද කස්ටිය. කතාව මතකත් නැතුව ඇති 🤣 සති දෙකක වගේ ඉතා කුඩා කාලයක් මම නිවාඩුවක් ගත්තා නේ😏 මට හරිම දුක්ඛිත සිද්දියක් වුනා. මම ඒක අන්තිමට කියන්නං🥺🤕🙂 ඉන්න කලින් වෙච්ච දේවල් මතක් කරන්නං......

සැක්.... මට මතකත් නෑ🙂🤣 ඔන්නොහෙ නන්නත්තාර වෙච්ච රීඩර්ස්ලා වගේ කියවපියව්.... ආදරෙයි... උම්මාහ්...

____________________________________

(කාමරය ඇතූලින්)

"....තමුසෙට සහෝදරයෙක් වගේ ආදරේ කරා. තමුං අද ඒක නැති කර ගත්තා කීයලා විතරක් මතක තියා ගන්නවා"

"සහෝදරයෙක්...හහ්... එච්චරයි අඩුවට තිබ්බේ"

"ඇයි මල්ලී....ඇයි... ඇයි එච්චර පහත් තත්වෙකට වැටුනේ... ඇයි"

"හහ්...මම බලෙන් වැටුනේ නෑනෙ...

"අපිද යකෝ වැට්ටුවේ...උබ කරපු පාහර වැඩ කා පිටින්ද යවන්න හදන්නේ???ඈ...කියනවා???"

"ඔයාගෙ මහලොකු සහෝදරකම තිබ්බානං මාව එච්චර පහත් තත්වෙකට වැටෙන්නැනෙ... මමද වැරදි...."

"හරි...හරි...මට කියනවා තමුසේ ඇයි අර පොඩි එකාට එහෙම කරේ... මොකක්ද ඌ උබට කරපු වැරැද්ද"

"මොකද දැං ඒකට අයියාගෙ හිත උණු වෙලා... මම හිතුවා හරි වගේ... ඌ අයියාවත් වෙනස් කරලා. ඌ එන්න කලින් කවදාවත් ඔයා මට අත ඉස්සුවේ නෑ. ඒත් මේ...පේනවනේ... ඇස් ඇරලා බලනවා...මං දිහා... කමක් නෑ ඔය කාටවත් මාව තේරෙන්නෑ...මං ගැන දන්නෑ... මාව ඕනෙ නෑ... මගේ වේදනාව තේරෙන්නෑ... උට උනු දේ තමා ලොකු... එතකොට මං මොකෙක්ද...කියන්න......මම මොකෙක්ද???...

ස්නෝපිගේ කෑ ගැහිල්ල ඉවර වෙන්න මත්තෙන් තීක්ශන අයියාගෙ අත දොරගුල දිහාවට වේගෙන් ගියා. ක්ශනිකයෙන් මමත් තීක්ශන අයියාත් ඒ කාමරේ ඇතුලේ...

බිත්තියට හේත්තු වෙලා හිටි ශොනාල් අයියා අපිව දැකපු ගමන් හීය තිබ්බා වගේ කෙලින් වුන්. ඒත් ස්නෝපි හිස් බැල්මෙන් අපි දිහාව බැලුවා.

"මේ ඇවිත් තියන්නේ... රෑනම එක්කං ඇවිත් තනියෙන් එන්න කිව්වම. ඇයි ඒ තරමට මාව විශ්වාස නැද්ද..හහ්...කුක්කන් ඇවිත් පස්සෙන්ම. අනේ හොදයි... දැන් හැමෝම ඉන්නවා... හරි සන්තෝසයි"

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now