අග්නි 77

1.7K 347 543
                                    

'' අහ්... ම්ම්හ්.. මිධුනාථ.. ප්‍රමාණවත් දැන්.. '' සුලෝධජ දෙතොල් උල් කරමින් පැවසුවේ ඔහුව නැවතත් සිපගැනීමට සැරසුණු මිධුනාථගේ දෙතොල මත සිය දබර ඇගිල්ල තබා ඔහු වළක්වමිනි. මිධුනාථ එවර සුලෝධජ වෙත රවමින් පසෙක විය .

'' මිධුනාථ.. ආාහාා.. ඔබ කිපුණාද ? කෝ පැමිණෙන්න මා. සිපගන්න.. ඔබේ ඔය නොඉවසිලිමත් දෙතොල්.........  '' සුලෝධජ සිය නිකටින් අල්ලා පැවසුව ද මිධුනාථ එවරද නොරිස්සීමෙන් ඔහුගේ හස්තය ගසා දැමුවේ ය.

'' නිහඩවනවා. කොහේවත් යන අඥානයෙක් ''
මිධුනාථ නොරිස්සීමෙන් පැවසුවේ නාසය ද පුම්බමිනි .

'' කොහේවත් යන !!! මිධුනාථ ඔබ මේ මට ද පැවසුවේ ? ඇද දමනවා නුඹව හෙට දිනම මාළිගයෙන් පිටට ... '' සුලෝධජ ද නොරිස්සීමෙන් එහෙත් සිනාසෙමින්  පැවසුවේ ය.

'' චහ්.. නුඹ ඇද දමනතුරු බලා සිටියි කියා ද සිතුවේ..!!!!!. '' මිධුනාථ ද උපහාසයෙන් විමසුවේ ය.

'' නුඹට යාමට අන් ස්ථානයක් නොවේ නේ.. මා ගණනේ පැරණි මැටි බදුනක් ලබා දෙන්නම්. එවිට නුඹට හැකියි නුරුපුර මගමගට වී....  '' අහෝ මේ අසරණයාව තීර්ථ මාළිගයෙන් පිටතට දැමුවා.. ම්හ් ම්හ්.. අනුකම්පා කර මේ අසරණයාට පිනට යමක් ලබා දෙන්න.. ම්හ් ම්හ්... මේ අසරණයාහට..'' ආව්... ඌය්යා..  '' මිධුනාථ නුඹ කෙදිනක සිට ද කෙනිත්තීමට හුරු වූයේ ? !!!!!!!!! '' සුලෝධජ දෙතොල් උල් කරමින් විමසුවේ මිධුනාථ කෙනිත්තූ සිය බාහුව මෘදුව පිරිමදිමිනි . සිය පාදයේ කලවයෙහි වූ තවමත් සුවවෙමින් පැවති තුවාලය හේතුවෙන් සුලෝධජ තමාට පෙරළා පහර දීමෙන් වැළකෙන වග මිධුනාථ දැන සිටියේ ය.

මිධුනාථ කිසිවක් නොපවසා සුලෝධජ වෙත රවමින් නැවතත් ප්‍රතිසංස්කරණය වෙමින් තිබූ මාළිගයේ ද්වාරයන් දෙසට නොඉවසිලිමත් බැල්මක් හෙළුවේ ය.

'' ඔබ මෙලෙස මග බලනු දුටුවාමයි... නැති ද කිසි දිනෙක මා පැමිණෙන තුරු එලෙස බලා සිටියේ ? '' සුලෝධජ උනන්දුවෙන් විමසනු මිධුනාථට ඇසුණි .

'' නැහැ... '' මිධුනාථ එවර ද අනුකම්පා විරහිතව පැවසී ය. ඔහු පැවසූව කෙතරම් මුසාවක් වීද යත් ප්‍රතිසංස්කරණය වෙමින් තිබූ මාළිගය සම්පූර්ණයෙන්ම නැවතත් බිම ඇද වැටීමට තරම් එය ප්‍රබල වූ වග මිධුනාථ සැක කළේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now