17

2.6K 416 271
                                    

(වර්තමානයට)

"ශොනාල් අයියා.... මම පලවෙනි දවසෙන් පස්සේ ආයෙ ඒ රූම් එකට ගීයේ නෑ😳මොනවද ඔයා මේ කියන්නේ...

"ඔයාව මගේ ඇස් ඉස්සරහම ඒ රූම් එකට ගෙන්න ගත්තා... ඇයි නෑ කියන්නේ...ඒ නිසාමයි මම දවසක් ටැක්සි උබෙන් ඇහුවේ උබ සනූපට කැමතිද කියලා. උබ එදා ඔව් කිව්වා. ඒ නිසා මට මගේ හිතේ තිබුනු දේ කියන්න බැරි වුනා. උබ මගේ යාලුවා... උබට අයිති දේවල් උදුර ගන්න තරං තිරිසනෙක් නෙවෙයි මම. අනික ඒ වෙද්දි ස්නෝපිත් මට කැමැත්ත දීලා තිබුනේ නෑ...

"කැමැත්ත දෙන්න ඔයා මගෙන් අහලා තිබුනෙ නෑ" ස්නෝපි මැදින් මැදින් කතාවට බාධා කරා.

"...ස්නෝපි ඒ රූම් එකට ගියේ හරි සතුටින්. ඉතින් එයාගෙ සතුට නැති කරන්න මට ඕනෙ වුනෙත් නෑ. ඒත් එයා එක්ක ගත කරපු ටික කාලෙ තමයි මගේ ජීවිතේ සතුටුම කාලෙ. ඒත් ස්නෝපි ටික ටික වෙනස් වුනා. එයා ටිකෙන් ටික ඔයා දිහාවට ඇදිලා ගියා. ඒකයි මම එයාව මගේ හිතින් අත අරින්න උත්සාහා කරේ. ඒත් තවම මට ඒක කරන්න බෑ. ඇයි දන්නෑ. එයා මෙච්චර නරුම වැඩක් කරලා තියෙද්දිත්... මට තරහක් නෑ. මට තියන්නේ මං ගැනම ලැජ්ජාවක්. මට තිබුනා එයාව හදන්න. අනික මට එයාව තේරෙනවා. ආදරේ කරන කෙනෙක් ටික ටික ඈත් වෙද්දි එන වේදනාව මට හොදට තේරෙනවා. ස්නෝපි උබට කැමතියි. ඒත් උබ කැමති ඉදුවරට. මට උනා වගේම දෙයක්  එයාට උනේ...."

ශොනාල් අයීයා කතා කරන වචනයක් වචනයක් පාසා එයාගෙ ඇස් බොදවුනා...කම්මුල් තෙත් වුනා...

"පිස්සුද... මම තීක්ශන අයියාට කැමති නෑ.... අනික මම එයාගෙ රූම් එකට ගියෙත් නෑ ඒ වගේ දේකට... තීක්ශන අයියා... කට වහන් ඉන්නේ ඇයි...කියන්න..."

ඒ හැම සිදුවීමක්ම එක මොහොතක කනට වැටුනු නිසා මම හිටියේ දෙලොවක් අතර තනි වෙලා. තීක්ශන අයියා දිහා බැලුවහමත්  මට ඒකම හිතුනා. එයත් තවම පාර හොයනවා. අපි දෙන්නාම පියවි සිහියට ආවේ ස්නෝපිගේ කෑ ගැහිල්ලට.

"ඈහ්...මොකක්ද... ඔව්... සනෝපි එකම එක පාරයි මම ගෙන්න ගත්තේ... ඊලග පාර ඇවිත් ස්නෝපි කිව්වා වෙන සීනියර් කෙනෙක් එයාව අයිති කර ගත්තා බ්ලා බ්ලා බ්ලා කියලා. ඒත් මම හිතුවෙ නෑ ඒ උබ කියලා. අනික මගේ ටේස්ට් එකට ගැලපුනෙත් නැති නිසා මම එක පාරින් යන්න දුන්නා. උබ කියන විදිහට ගෙන්න ගත්තෙ නෑ."

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now