නාම පත්‍ර

223 56 55
                                    

ගොඩක් අයට ප්‍රශ්න තිබ්බා කොහොම ද මම මේ නම් ටික උස්ස ගත්තේ කියලා..

මම දන්නෙත් නෑ මට ඉබේ නම් ආවා.. අරිසෙන් අහුබුදු ආවේෂ වෙලා වගේ... සාමාන්‍යයෙන් නම් දාන්න පුළුවන් මට.... * කොලර් එක උස්සමින් *

ඒවායින් වැඩක් නෑ,. මේ දාපු හැම නමකම ගැඹුරු තේරුමක් තියෙනවා... දැන ගන්න ආස ද ?

සුලෝධජ -

* සු කියන්නේ හොදින් , ලෝ ධජ කියන්නේ ලෝහ ධජයක්... සුලෝධජ කියන නමේ තේරුම ලෝජ ධජයක් සේ ශක්තිමත්ව හා ඍජුව ඉහළින් ලෙල දෙනවා කියන එක.

* මිධුනාථ - මිධු කියන්නේ මධුර , උනාථ කියන්නේ දක්ෂ , නැත්තන් විශිෂ්ඨ....
මිධුනාථ කියන නමේ තේරුම මධුර විශිෂ්ඨයා..

* භාසුර - භාගිකව සුර නැත්තන් , අසුර කියන එකමයි භාසුරගේ ඒ නමේත් තේරුම... කව්රුත් නෝට් කළේ නැහැ නේ ද ?

* ධීර - ධීර කියන්නේ ධෛර්යය

* ඛාදී - ඛාදී කියන්නේ සතර බ්‍රහ්ම විහරණ වල , උපේක්ඛා ගුණය හදුන්වන්න යොදන පදයක්.. අකම්පිත බව තමා , ඛාදී කියන එකේ තේරුම.. ඒ වගේම සෑම දෙයකදීම උපේක්ෂාවෙන් ඇය...

* තාලී - තාල බීජ සේ , සශ්‍රීක බව නැත්තන් පින්තාලීයක් සේ අනිත් අයට බෙදීම

* මිගාර - මිග කියන්නේ මුවා.. මිග+ ආර , මුව රැළක් සේ අහිංසක කම

* භීෂ - භීෂ කියන්නේ බය ඇති කරවන සුළු
භීෂණ්‍ය තමා

* මහීධ - පොළොව සේ අකම්පිත හා ස්ථිර බව

* සුග්‍රීව - ග්‍රීවය කියන්නේ බෙල්ල. සුග්‍රීව කියන්නේ කෙලින් බෙල්ලක්.. නැත්තන් කිසිවෙකුට හිස නොනමන ස්වාධීනත්වය..
[ ථිතට විතරයි නවන්නේ ]

* ථිත - ථිතිය නැත්තන් මුහුර්තය , තත්පරය වගේම පථය කියන අදහසත් ථිතගේ නමේ තියනවා.. පථයක් සේ නිශ්චිත ගමනකින් යුතු..

* සීහශාලී - සිංහධේනුවක් සේ තේජවන්ත බව , Cool කියන එක..

* ධනුර්මාන - ධනුර්ධය කියන්නේ දුන්න , දුන්නක ඉලක්කයක් සේ කියන අදහස ධනුමාන කියන්නේ..

* රුද්‍ර - රුද්‍ර කියන්නේ රෞද්‍ර කියන එක වගේ රුදුරු කියන එකත් වෙන්නත් පුළුවන් නැත්තන් රුධිරයටත් කියනවා..

* අභය - අභය කියන්නේ නිර්භයයි අර ජීවිත දානයයි කියන එක තමා..

තා මොනවා ද අප්පා ? නම් ???

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now