මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්

230 67 82
                                    

මිධුනාථගෙන් වෙන් වෙලා ඉදපු අවුරුදු 7 සුලෝධජ කරපු වැඩ , සමහර දේවල් හිනා යනවා , සමහර දේවල් නම් හරිම වේදනාකාරීයි.

Fact 1 -

තීර්ථ මාළිගාවේ , ඇට්ටේරියා සුවද තහනම් කළා , සියලුම ඇට්ටේරියා ගස් ටික කපලා දැම්මා වගේම , සුවද විලවුන් පවා භාවිතය තහනම්...

Fact 2 - සුලෝධජ ගොඩක් දරුණුයි. තාමත් එහෙමයි . එයාට මාළිගයේ සේවකයෝ සේවය කළේ තිබුන බයට.. එ් ඇරුනම එයාට හදවතින් අවංක සේවකයෝ නැහැ. භාසුර , ධීර විතරයි එයාට ටිකක් හරි කතා කරන්නවත් ඉදියේ . ඒත් එයාලාත් ඉතින් නෑනේ වැඩිය මාළිගේම.

ඒ වෙලාවට සුලෝධජ පුංචි ශාලීව උකුල උඩ තියාගෙන එයාට කියලා දෙනවා මිද්දාගෙයි , එයාගේයි කතාව.. අන්තිම මොහොතේ මිධුනාථ දාලා ගියපු නිසා එයාට ලොකු දුකක් තිබුණා.. එයා කතාව කියලා අන්තිම හරිය යද්දී හැමදාම අඩන නිසා තමා සීහශාලී කැමති නැත්තේ සුලෝධජ ඒ කතාව කියනවාට.. ඒ වුනාට සීහශාලී එපා කිව්වට සුලෝධජ හැමදාම කියන්නේ ඒකලු .

Fact 3 - සුලෝධජ අැට්ටේරියා තහනම් කළා වගේම ඇඹුල් දොඩම් අතට ගත්තෙත් නෑ.. එයා මුල් දවස්වල කන්න හැදුවාත් , පැගිරි රස විතරක් එයාට දැනුන නිසා එයා අතහැරියා ඒක... මිධුනාථ වගේ පැගිරි ගෙඩියේ ගෑවෙන්නේ නැති වෙන්න සුද්ධ කරගන්න සියුම් ඉවසීමක් තිබුණේ නෑ සුලෝධජට. අර අවු 7කින් රණ්ඩු වුන සැරේ කල්පෙකින් ලැබුනා වගේ අඩ අඩම ඇඹුල් දොඩම් කන්න හේතුව ඒක තමා එයා.

Fact 4 - අර කිව්වා වගේ සුලෝධජ වෛශ්‍යාවෝ ඇසුරු කළා.. ඒත් නිකන් සල්ලාල කමට සිපගත්තට , ඇල්ලුවාට ඊට වඩා නම් දුර ගියේ නැහැ එයා.. යන්න දුන්නෙත් නෑ.. එයාගේ පීඩනය එක්ක වුන දෙයක් ඒ .

Fact 5 - අර , මුලදිම මිධූගේ pov එකට මාරු වෙද්දී කිව්වා මතක ද සුලෝධජ වෛශව අසපුවේ අය ගැන හෙව්වා කියලා ? හොයලා වැරදි ඔත්තු දීපු අය මරලා දැම්මා කියලා ? සක්වල චක්‍රයට භීෂ බිලි උනාට පස්සේ මිධුනාථ ජීවතුන් අතර ඉන්නවා ද කියලාවත් සුලෝධජ හරියට දැනගෙන ඉදියේ නැහැ.. මොක ද කිසිම කෙනෙක් මිධුව දැක්කේ නැහැනේ... එයා වෛශව අසපුව ගැන හෙව්වේ මිධුනාථ හොයාගන්න.. අවුරුදු 7 පුරාවටම එයා හොයනවා.. ඉතින් ආරංචියක් ලැබුනා කියලා කෙනෙක් මාළිගාවට ආවම සුලෝධජට ලොකු බලාපොරොත්තුවක් එනවා.. ඒත් ඒවා බොරු කියලා දැනගත්තම එයා වියරු වැටෙනවා. ඒකයි එහෙම වුනේ..

Fact 6 - අශාලාගේ තාත්තා ඝූරෂව මරන්නේ , එයා අශාලාව සුලෝධජට බදින්න කියලා බල කරනවා වගේම , නැති වුනොත් රාජ්‍ය සභාවේ බලය පෙරළනවා කියලා.. මේ වෙලේ භාසු සුලොට උදව් කරනවා , එයා ස්වප්නාදීගෙන් ඉල්ලගත්ත විෂ තමා මධුවිතට දාලා මාහාමාත්‍යව මරන්නේ..

Fact 7 - සුග්‍රීව , ථිත , මිධුනාථ අහුවුනාට පස්සේ සුලෝධජ බිම් ගෙයට එනකම් දන්නේ නැහැ මිධුනාථත් එයාලා අතර ඉදියා කියලා. මොකද මිධුනාථ අදුරගන්න බැරි තරම් වෙනස්.. මූණ පුරාම රැවුල.. හරිම අපිළිවෙලයි... සුලෝධජ මුලින් මිධුනාථ දැකලා ෂොක් වෙනවා.. සුලෝධජ බලන්නේ මුලින්ම මිධුනාථගේ ඉණ... ඒත් එයා දීපු කැටපෝලය නැති නිසා සුලෝධජට අවුල් යනවා.. මිද්දා අමතක කරලා කියලා.. ඒ පාර තමා ඩෝං යන්නේ.....ඒත් එතනදී දෙන්නා රණ්ඩු වෙලා , මිද්දාට තරහා ගිහින් කියනවානේ මම තමුන්ව අදුරන්නේවත් නෑ කියලා.. ඒකට තරහා ගියපු පාර තමා අර හිර කරන්න කියන්නේ... කොහොම හරි වතුරවත් දෙන්න එපා කිව්වානේ.. ඉතින් ඒ දවස් දෙකේ සම්පූර්ණ මාළිගාවේම ප්‍රණීත ආහාර තහනම්.. හැමෝටම දල ආහාර.. ඒත් සුලෝධජ කෑවෙම නැහැ..

Fact 8 - අන්තිමට මිධුනාථට සිහි නැති වෙනකම් ගහනවානේ සෙබළු... ඒ ප්‍රධාන සෙබළු දෙන්නම සුලෝධජ මරනවා.. [ කොහොමත් දරුණුයි එයා ] අනිත් අයව හැමෝම සේවයේන් පහ කරලා සිරගත කළා.. මිධුනාථට දවස් 4ක් යනකම්ම සිහිය එන්නෑනේ...

Fact 9 - කොහොමහරි , දෙවෙනි දවසින් පස්සේ මිධුගේ තත්වය ටිකක් හොද අතට හැරුනම , සුලෝධජ පොඩි කුප්ප වැඩ දෙක තුනක් කරනවා.. හුම්හ්... මේවා මිද්දාට එහෙම කියන්න එපා අවමානයට පත් වෙයි..බුහාහා

Fact 10 - මුලින්ම මිධුනාථගේ මූණ පුරා රැවුල තියෙනවාට , එයා මුලින්ම කරන්නේ ඕක මුඩු කරන එක... ආහ්.. අන්තිමට කෑම ගෙනාපු දාසියෝ මිධුනාථ දිහා බලනවා දැකලා , කිසිම සේවකයෙකුට කුටියට අැතුළු වීම තහනම් කරනවා සුලෝධජ... දැන් ඉතින් අවු 7කින්ම සිපගෙන නෑනේ... හී හී.. ඉතින්... සුලෝ .. මොනවා කරන්න ද ඉතින් මිද්දා සුලෝගේනේ.. සුලොධජ ඕන තරම් මිද්දාව කිස් කරනවා , තොල් , බෙල්ල , හැම තැනම.. [ ලැජ්ජයි මිධු.. ]
ඒ වුනාට අතවර කළේ නෑලු ඉතින්.. පුංචි පහේ අතවර තමා..

ඒ ගමන් තම තමන් ආසම චරිතය කියාගෙන යන්නකෝ.. දැනගන්න.. හී

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now