Count on Me👀

295 68 219
                                    

කිචන් එක පැත්තට යනකොට මම දැක්කේ තැන තැන ස්නැක්ස් , චිප්ස් වල කැලි කැලි බිම දිගේ තියෙනවා..ඒවාවල දිගේ මම ගියේ ඒ කටහඩ ඇහෙන කිචන් එක පැත්තට..

පැන්ට්‍රි කබඩ් ඔක්කොම ඇරලා දාලා.. ලෙමන් ජූස් බිම හැමතැනම හලලා.. බාජන ඔක්කොම වට්ටලා.. ෆ්‍රිජ් එකේ තිබුන ඔක්කොම කෑම ටික මේසේ උඩ.. ඒවා ඔක්කොම කාලා දාලා..

කිචන් එක නිකම් පිස්සන් කොටුවක් වගේ.. පොඩ්ඩක් ඉන්න අර ෆ්‍රිජ් එක ඇතුලට ඔලුව ඔබාගෙන ඉන්නේ මොකාද?? හහ් හොර දේවදූත දෙටුවා..

එයාට මම හිතපු දේ දැනුනද කොහෙද.. එයා මන් හිටපු පැත්ත ෆ්‍රිජ් එකෙන් ඔලුව උස්සල බැලුවා..

 එයා මන් හිටපු පැත්ත ෆ්‍රිජ් එකෙන් ඔලුව උස්සල බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එදා හිටපු විදිහමයි අර රෙද්දයි, ඒ මල් ඔටුන්නමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා හිටපු විදිහමයි අර රෙද්දයි, ඒ මල් ඔටුන්නමයි.. වෙනසකට තිබුනේ ඒ මුනේ හැමතැනම අයිසින් ගැවිලා.. ඇස් බෝල ගෙඩි වගේ.. කටේ පෑන් කේක් පුරෝගෙන.. කට පිපිරෙන්න ඔන්න මෙන්න වගේ.. හුරතල්!

පොඩ්ඩක් ඉන්න ඒත් අජුම්මා මට තියලා ගියපු පෑන් කේක් ටික නේද ඒ..? අනේ මගේ පෑන් කේක් ටික මේ මෝඩ දූතයා කාලා ඉවර කරලද..

ටිකක් වෙලා මගේ දිහා බය වෙලා වගේ හිටපු එයා.. හිනාවෙලා ටිකක් සීරියස් මූඩ් එකක් අරගෙන මට මෙහෙම කිව්වා..

Met my Guardian Angel | PJM ᵒⁿʰᵒˡᵈWhere stories live. Discover now